27 C
Colombo
Monday, May 6, 2024

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය ගැන පොලිසියට සැකයක්

- Advertisement -

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරාධපු පොලිසියේ උප පොලිස් පරීක්ෂක එස්. නන්දසේන මහතා ඊයේ (23) අධිකරණය හමුවේ පවසා තිබෙනවා.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා නවාතැන් ගෙන සිටි දුම්රිය සංචාරක නිවාස කාමරයේ තැන තැන, ලේ පැල්ලම් දක්නට තිබූ බව අධිකරණයට දැනුම් දුන් උප පොලිස් පරීක්ෂකවරයා, මළ සිරුර ද තිබුණේ ඔහු නිදා ගෙන සිටි ඇඳ මත නොව අදාල කාමරයේ ටයිල් කැට ඇතුරු පොළොව මත බවද අධිකරණය හමුවේ පවසා තිබුණා.

උප පොලිස් පරීක්ෂකවරයා විසින් මෙහිදි අධිකරණයට පවසා තිබෙන්නේ සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය යම් අසනීප තත්ත්වයක් නිසා සිදුවූ ස්වභාවික මරණයක්ද නැතිනම් ඝාතනයක් ද යන්න අනාවරණය කර ගැනීමට පොලිසියට අවශ්‍ය බවයි.

ඒ අනුව එම කරුණු සැලකිල්ලට ගත් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා මරණයට හේතුව නොපමාව අධිකරණයට දන්වන ලෙස අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කළ බවට වාර්තා වනවා.

මෙම සිද්ධියේ මරණ පරීක්ෂණයේ සාක්ෂි ලබන මැයි මස 14 වන දින විවෘත අධිකරණය හමුවේ කැඳවීමට පියවර ගන්නා ලෙසට ද ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. එම්. ජයවීර මහතාට තව දුරටත් නියෝග කළ බව සඳහන් වනවා.

අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙසේ නියෝග කළේ, දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා මිය ගොස් සිටි අනුරාධපුර ධර්මපාල මාවතේ පිහිටි දුම්රිය සංචාරක නිවාසයට ගොස් අදාළ ස්ථානය නිරීක්ෂණය කිරීමෙන් සහ අනුරාධපුර ශික්ෂණ රෝහලට ගොස් මළ සිරුර පරීක්ෂා කර බැලීමෙන් අනතුරුවයි.


RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...