කොලොන්නාව සිංහපුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මුදා ගැනීමට තැත්කළ පිරිසක් අහසට වෙඩි තබා විසුරුවා හැරීමට ඊයේ (30) රාත්‍රී පොලීසිය කටයුතු කර තිබෙනවා.
කොල්ලනාව සිංහපුර ක්‍රීඩාංගණය ප්‍රදේශයේ මෙහෙයුම් රාජකාරිවල යෙදී සිටි අයෙක් අත තිබූ යමක් විසි කරන අයුරු කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් දැක ඇති බවයි වාර්තා වන්නේ.
එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත රැගෙන ඒමට උත්සාහ කිරීමේදී ඥාතීන් සහ ගම්වාසීන් පොලිස් ජීප් රථය වටකර සැකකරු පොලිස් අත්අඩංගුවෙන් මුදා ගැනීම සඳහා උත්සහ කිරීමේදී අහසට වෙඩි තබා පිරිස විසුරුවා හැරීමට කටයුතු කර තිබෙනවා.
කෙසේ වෙතත් වෙඩි තැබීමෙන් කිසිඳු පුද්ගලයෙකුට හෝ දේපළවලට කිසිඳු හානියක් වී නොමැති අතර මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 44ක පුද්ගලයෙකි.