23 C
Colombo
Sunday, October 1, 2023

තිලීපන් සැමරුමට පොලීසිය ඉදිරියේදීම පහරදීලා

- Advertisement -

1987 වසරේදී දෙමළ ජනතාවගේ දේශපාලන ඉල්ලීම් වෙනුවෙන් මාරාන්තික උපවාසයක නියැළී මියගිය තිලීපන් හෙවත් රාසයියා පාර්තීපන් නම් හිටපු LTTE සාමාජිකයා සැමරීම වෙනුවෙන් ගමන්ගත් සාමකාමී රථ පෙළපාලියකට ඊයේ (17) ත්‍රිකුණාමල ප්‍රදේශයේදී සිංහල මැර කණ්ඩායමක් විසින් පහරදී තිබුණා.

තිලීපන්ගේ 36 වැනි සැමරුම වෙනුවෙන් නැගෙනහිර පළාතේ සිට උතුර පළාතට මෙම රථ පෙළපාලිය ගමන් කරමින් තිබියදී අදාළ පහරදීම සිදුව තිබෙනවා.

ඊයේ (17) පස්වරුවේ මෙම රථ පෙළපාලිය ත්‍රිකුණාමලය හරහා ගමන් කරමින් තිබියදී ත්‍රිකුණාමලය සර්ධාපුර 6 කණුව අසල රැඳී සිටි පිරිසකගෙන් ඊට විරෝධයක් එල්ල වුණා.

මෙම රථ පෙළපාලියට යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා කජේන්ද්‍රන් මහතාද එක්ව සිටි අතර එහිදී විරෝධතාකරුවන් කිහිපදෙනෙක් පොලිස් නිලධාරීන් ඉදිරිපිටදීම කජේන්ද්‍රන් මන්ත්‍රීවරයාට පහරදී තිබුණා.

මෙහිදී එහි සිටි තවත් පිරිසක් මන්ත්‍රිවරයා යතුරුපැදියකින් එම ස්ථානයෙන් පිටත් කරවීමට කටයුතු කර තිබෙනවා.

පහරදීම් සියල්ල සිදුවන තුරු පොලීසිය නිහඩව බලා සිටීමද විශේෂත්වයක්.

මෙම මැර ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති අතර පොලිසිය පවසන්නේ තමන්ට ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී නොමැති බවයි.


RECENT ARTICLES - SINHALA

දිස්ත්‍රික්ක 8කට නායයෑමේ අනතුරු ඇඟවීම්

දිවයිනේ දිස්ත්‍රික්ක 8ක ප්‍රදේශ කිහිපයකට මේ වන විට පනවා ඇති නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කර තිබෙනවා. මේ අනුව ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර, කෑගල්ල, කළුතර, මාතලේ...

අලි සබ්රි නිසා ලාංකිකයින්ට කැනඩාවේ වීසා අහිමි වන ලකුණු ?

විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් කැනඩාවට එරෙහිව සිදු කරන ලද ප්‍රකාශය හේතුවෙන් මෙරට දරුවන්ට කැනඩාවේ අධ්‍යාපනය ලැබීමටය සහ රැකියා කිරිමට ඇති අවස්තාව අහිමි...

ගංගා ආශ්‍රිත පහළ ප්‍රදේශවල ජනතාවට දැනුම් දීමක්

දිවයිනට ඇදහැලෙන අධික වැසි තත්ත්වය හේතුවෙන් තවදුරටත් ගංගාවල පහළ ප්‍රදේශවලදී සුළු වශයෙන් ගංවතුර තත්ත්වයන් ඇතිවීමේ හැකියාවක් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා...

POPULAR ARTICLES

ඉන්දියාව තුළ ආන්දෝලනයක් වූ විවාහය

උතුරු පන්ජාබ් ප්‍රාන්තයේ සමලිංගික යුවලකගේ විවාහ මංගලය්‍යක් හේතුවෙන් ඉන්දියාව තුළ විශාල ආන්දෝලනයක් හට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ, සමලිංගික විවාහ නීතිගත කිරීම පිළිබඳ ඉන්දීය ශේෂ්ඨාධිකරණය...

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝගයක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පුරප්පාඩු 4,718 ක් පිරවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය අද(27) නියෝග කර තිබෙනවා ඒ අදාළ බඳවා ගැනිම්වලට...

චීනය නිසා එකතු වූ මහින්ද,මෛත්‍රී,ගෝඨා

මහජන චීන සමූහාණ්ඩුවේ 74 වන ජාතික දින උත්සවය ඊයේ (28) කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු...