25 C
Colombo
Wednesday, September 27, 2023

කවුද මේ තිලීපන් කියන්නේ ?

- Advertisement -

තිලීපන් යාපනය වඩුක්කොඩෙයිහි උපත ලබන්නේ 1963 නොවැම්බර් 29 වනදාය. ඔහු වියළි කලාපීය ගොවි පවුලක එකම සමාජිකයාය. කුඩා කල සිටම අධ්‍යාපනයට මහඟු දස්කම් පෑ තිලීපන් වඩුක්කොඩෙයි දෙමළ පාසලෙන් අධ්‍යාපනය ලබා, යාපනය විශ්ව විද්‍යාලයට තේරී පත් විණි. 80 දශකය වනවිට තිලීපන් තරුණයෙකි. එකල ඉහත කී පාලකයන්ගේ නරුම පොරොන්දුවලට රැවටී මිරිකී සිටි උතුරේ දෙමළ ජනතාව කෙරේ තිලීපන් දැක්වූ සානුකම්පිතභාවය ඔහුගේ අරගලය තුළ මැනවින් ඔප් නැංවිණි. අධ්‍යාපන ප්‍රමිතිකරණ පනතට එක හෙළා විරුද්ධ වූ ඔහු විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය සංගමයෙන් එළියට ඔහුගේ හඩ අවදි කළේය. ‘ජනතාවනි පාලකයන්ගේ අවියට බිය නොවන්න අයිතිය වෙනුවෙන් පෙරට එන්න..‘ එදා බැරලයක් උඩ සිට කෑ ගැසූ මෙම තරුණයා දිනෙක මුලු මහත් හදවත් තුල සදාකාලික ජීවනාලියක් වන බව කවරෙකු වත් නොසිතන්නට ඇත.

පසු කලෙක රජය මඟින් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කොට අසල්වැසි  ඉන්දියානු අධිරාජ්‍යවාදයේ කොලනියක් බවට ලංකාදීපය පත් කරන විට සිංහල, දෙමළ, මුස්ලිම් දෑ හිතකාමීන් එයට විරුද්ධ විය. ඒ සඳහා ජාති, වර්ග බෙදීමක් නොවීය. ඒවන විට තිලීපන් යනු උතුරේ අරගලයේ දිදුලන නාමයක් විය.“අපට සිංහල මිනිහා එක්ක ගැටලුවක් නෑ. අපට වෙඩි තියන සිංහල හමුදාව එක්කත් ගැටලුවක් නෑ..අපට ගැටලුව තියෙන්නේ දේශපාලකයා එක්ක…” ඔහුගේ මතය ඉතා වේගයෙන් උතුරුකරයේ පැතිර ගියේය. දහස් ගණන් ශිෂ්‍යන් ඔහුගේ මාවතේ ඇදෙන්නට විය. කෙටියෙන්ම තිලීපන් යන නාමය දෙමළ හදවත් පැහැරගත්තේය. 83 කලු ජූලිය මොහොතේ ප්‍රභාකරන්ට විශේෂ නියෝගයක් සහ නිවේදනයක් ලබා දෙන්නේය. දකුණට දෙමළා නැතිනම් උතුරටද සිංහලයා නැතිය. එහෙත් තිලීපන් කුඩා තරුණ වියේදිම ලිපියකින් ප්‍රභාකරන් ඇමතුවේය. දකුණ ද උතුර ද ගිනි ගත්තේ නම් අපද එය අතර සිරවූ මිනිසුන් පමණි. මෙකී ලිපිය තිලීපන් හමුවීමට යාමට තරම් ප්‍රභාකරන්ට විශේෂ විය. ඉන්දු ලංකා ගිවිසුම එපා යැයි උතුරේ සහ දකුණින් මහා හඩ නැගෙද්දී පාලකයන් එම ජනතා විරෝධය කසල බඳුනකට දමමින් ගිවිසුම අත්සන් කළේය.

1987 එවකට ජනාධිපති ජේ. ආර් ජයවර්ධන සහ ඉන්දියානු අගමැති රජිව් ගාන්ධි අතර ඇති වූ මෙම ගිවිසුම මගින් පැය හතළිස් දෙකක් ඇතුළත ලංකා ආරක්ෂක අංශ උතුරින් ඉවත් වූ අතර ඉන්දියානු ආරක්ෂක අංශ උතුර වෙලා ගත්හ. අසරණ පීඩිත දෙමළ කාන්තාවන් අමු අමුවේ දූෂණය කොට දමමින් ඔවුහු උතුරේ දෙමළ ජනයාට වෙනම රාජ්‍යක සිහිනය වක්‍රාකාරයෙන් ලබා දෙමින් සිටියහ. අපෙන් නිදහස් වෙන්නම් උඹලා සිංහල හමුදාව පරාජය කරපල්ලා, යන්න දෙමළ සිත් තුල කිදාබස්සවමින්  සිදු කළ අමන ක්‍රියාපටිපාටිය එකල එල්ටීටීඊය සහ දෙමළ ජනයාව නොමඟ යවන්නට නොහැකි විය.

ඒ අනුව ඉන්දියානු හමුදාවට එරෙහිව දෙමළ විමුක්තිකාමීන්ගේ සටනක් දියත් කරන්නට පටන් ගත්හ. එහෙත් තම මතයෙන් පිට නොගිය තිලීපන් 1987 සැප්තැම්බර් 15 වනදා යාපනය නල්ලුර් කන්දසාමි කෝවිල අසල මාරාන්තික උපවාසයක් ආරම්භ කලේය.

ජල පොදක් වත් නොමැතිව ඔහු ආරම්භ කළ උපවාසය නැවැත්වීමට නම් වහාම ඉන්දු ලංකා ගිවිසුම හකුලා ගත යුතු බව ඔහු රජයට බල කළේය. එහෙත් නිසි දේශපාලන විසඳුමක් නොවූ මරි මෝඩ රජයට ඉන්දියාවේ දෙපා අසල දණනැවීමට මිස එය හකුලා ගැනීමට තරම් කොන්දක් නොවීය.

1987 සැප්තැම්බර් 20 වනදා තිලීපන් අවසාන වතාවට ජාතිය අමතන්නේය.

“සහෝදරවරුනි තවත් ටික දිනකින් මා මියෙනු ඇත..එහෙත් නුඹලාගේ අයිතිය වෙනුවෙන් සටන් කරන දහස් ගණනක විමුක්ති කාමීන්ගේ උපත මාගේ මරණය සමගම සිදුවනු ඇත….”

1987 සැප්තැම්බර් 26 වනදා පුරා දින 12ක් ආහාර සහ ජලය නොමැතිව සිටීම හේතුවෙන් ඒ අපූරු විමුක්තිකාමියා, ගාන්ධිවරයා සඳහටම නෙත් පියාගන්නේ මුලුමහත් පීඩිත ජනතාවගේම දෑස් කදුළින් තෙත් කරමිනි. ඉන්පසු එල්.ටී.ටී යට අවිහිංසාවාදී ගමනක පාවඩ එලන්නට කිසිවෙකු නොසිටියේය.

2010 වන වසරේ යාපනයේ තිලීපන් ස්මාරකය ගලවා ඉවත් කරන්නෙය.(යාපනයේ තිලීපන් ස්මාරකය උදුරා දමයි..) එය පිහිටා තිබුනේ වසර විස්සකට ළඟා වන තුරුම රජයේ පාලන ප්‍රදේශයේය. එය ගලවා ඉවත් කිරීම තුළින් ස්මාරකයක් ඉවත් වුවද ජනතාවගේ සිත් තුළින් තිලීපන් ඉවත් වී නොමැති බවට බොහෝ සාධක ඇත. අනෙක් කරුණ නම් පිළිමයක් ඉවත් කොට ජනතාවගේ සිත් අතරින් වීරයන් අමතක කිරීමට ගත් මරි මෝඩ ආකල්පය ලැජ්ජා සහගතය. මෙය අනෙක් එල්.ටී.ටී.ඊ පිළිම හා සැසඳෙන්නේඑ නැති බවද මතක් කළ යුතුය. ඒ තිලීපන් ම්ලේච්ඡත්වයට එරෙහිවූ නිසාය.

තිලීපන් යනු සිංහල දෙමළ වෙන් කිරීමකින් තොරව පරමාදර්ශයට ගත යුතු විමුක්ති කාමියෙක්ය. ඔහු අද දවසේ අසාධාරණයට, පීඩනයට, මර්ධනයට එරෙහිව සටන් වදින ලාංකීය අරගලකරුවන්ට මහා පාඩම් රාශියක් ඉතිරි කොට තබා නික්ම ගොස් ඇත.‍


RECENT ARTICLES - SINHALA

CIDයේ වැසිකිළියකින් වේදනානාශක පෙති තොගයක් සොයා ගැනේ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැසිකිළියක් තුළ තිබී වේදනානාශක ඖෂධ පෙති තොගයක් සොයා ගෙන තිබෙනවා. අවස්ථා තුනකදී එලෙස වේදනානාශක ඖෂධ පෙති සොයාගත් බව පොලිසිය සඳහන් කරනවා. එම ඖෂධ...

කල්පිටිය ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ පිපිරීමක්

කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ පිපිරීමක් සිදුව තිබෙනවා. මෙම පිපිරීමෙන් එක් ගුවන් භටයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර තවත් අයකු තුවාල ලබා ගත රෝහල් ගත...

අල්ලස් ගත් සුරා බදු නිලධාරීන්ගේ වැඩ තහනම්

බීඩි නිෂ්පාදකයකුට පහරදී අල්ලස් ගැනීමට උත්සහ දැරීමේ සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගත් තංගල්ල සුරාබදු ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් සිවුදෙනාගේ වැඩ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් තහනම් කර...

POPULAR ARTICLES

බැංකුවල ණය පොළී අනුපාතයේ වෙනසක්

බලපත්‍රලාභී වාණිජ බැංකුවල සාමාන්‍ය ණය දීමේ අනුපාතිකය මේ සතියේ තවත් පදනම් අංක 40 කින් සියයට 14.81 දක්වා අඩු වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට...

සිනොපෙක් එකටත් වඩා අඩුවෙන් තෙල් දෙන RM පාර්ක්ස්

එක්සත් ජනපදයේ RM Parks සමාගම ලබන මස සිට ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදාහැරීම ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා. RM Parks සමාගම යනු ලෝ...

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ

ඉන්දියාවේදී පැවැත්වෙන 2023 එක්දින ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ඒ අනුව කණ්ඩායමේ නායකයා ලෙස සුපුරුදු පරිදි කටයුතු කරන්නේ දසුන්...