33 C
Colombo
Saturday, May 4, 2024

පාස්කු ප්‍රහාරය නිසා මාස 6 රඳවාගෙන සිටි තිදෙනාගෙන් පොලිසිය වැදලා සමාව ඉල්ලලා

- Advertisement -

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මේ වනවිට නිදහස් කර ඇති හොරොව්පතාන ප්‍රදේශයේ පුද්ගලයන් තුන් දෙනෙකුගෙන් හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පස්දෙනෙකු අද (01) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සිංහල ක්‍රමයට ඔවුන්ට ආචාර කර සමාව ඉල්ලා තිබෙනවා

තමන්ව නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගෙන මාස හයකට වැඩි කාලයක් රඳවා තබා ගැනීම තුළින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට චෝදනා කරමින් සෙනූල් ආබ්දීන් ඉර්ෆාන්, සෙනුල් ආබ්දීන් කලීෆාතුල්ලා සහ නූර්ගේ සකරියා යන අය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම සමාව ගැනීම සිදුකර තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පුද්ගලයින්ගෙන් යළි ප්‍රශ්න කිරීම් නොකරන බවත් අදාළ පොලිස් නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරල්වරයා අධිකරණය හමුවේ සඳහන් කළා.

එස් තුරෙයි රාජා, කුමුදුනී වික්‍රමසිංහ සහ අචල වෙන්ගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් කැඳවනු ලැබුවා.

මෙම පෙත්සම් වල වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටි එවකට හොරොව්පතාන පොලිස් ස්ථානාධිපති රොෂාන් සංජීව, එම පොලිසියේ පොලිස් සැරයන් ප්‍රේමරත්න, සැරයන් සිසිර, පොලිස් කොස්තාපල් ජයතිලක සහ කැබිතිගොල්ලාව පොලිස් ස්ථානාධිපතිවරයා විවෘත අධිකරණයේ පෞද්ගලිකව පෙනී සිටිමින් මෙම සමාව අයදීම සිදු කර තිබුණා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරල් මාධව තෙන්නකෝන් මහතා සඳහන් කළේ මෙම පෙත්සම්කරුවන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ හොරොව්පතාන මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබූ බවයි.

2022 වසරේදී එම නඩු වලින් ඔවුන් නිදොස් කොට නිදහස් කළ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියෙන් පසුව ලැබුණු පැමිණිලිවලට අනුව මෙම පෙත්සම්කරුවන් පිරිස පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවත් ඔවුන්ගේ ගිණුම්වල රුපියල් කෝටි සීයකට වැඩි මුදලක් හුවමාරු වී ඇති බවට මාධ්‍යවලින් වාර්තා කර තිබූ බවත් අධිකරණය හමුවේ සඳහන් කර තිබුණා.

එහෙත් පසුව තමන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය තීන්දු කළ බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් මේතුළින් සිය මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම් ගොනුකර තිබෙනවා

RECENT ARTICLES - SINHALA

වැටුප් ප්‍රශ්නෙදී මම සහය දෙන්නේ කම්කරුවන්ට – රනිල්

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට එරෙහිව වතු හාම්පුතුන් නඩු පැවරුවහොත් කම්කරුවන්ගේ පැත්තේ සිට නඩුවට සහාය දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. වතු හාම්පුතුන් පවරන්නට...

වාද්දුවේ වෙඩි තැබීමක්

වාද්දුව මොල්ලිගොඩ ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. වෙඩිතැබීමෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙනවා. පොලීසිය සඳහන් කළේ හෝටලයක් ඉදිරිපිට මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.

කෝටියක අල්ලස් ගැනීමේ සිද්ධියට තවත් පොලිස් පරීක්ෂකවරයෙක් රිමාන්ඩ්

කොල්ලුපිටියේ අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් තවත් පොලිස් පරීක්ෂකවරයෙක් ලබන 15 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා තීරණය කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...