32 C
Colombo
Wednesday, May 15, 2024

රටේ ජනාධිපති ඉන්නවා ඇහැට පේන්න නෑ..! – විමල්

- Advertisement -

අද වනවිට රට තුළ ඉන්ධන නොමැති වීමෙන් ස්වයං ඇඳිරිනීති තත්ත්වයක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ පවසනවා.

ඒ, අද (04) පාර්ලිමේන්තුවේ දී සභාව අමතමින්.

මන්ත්‍රීවරයෙකු ට පවා අද වනවිට ගමනක් ගොස් නැවත පැමිණීම අවිනිශ්චිත වී ඇති බවයි.

“මම හිතනවා අපි කලින් දාපු ප්‍රශ්නවලට උත්තර දෙනවා ට වඩා මේ තියෙන අර්බුදයෙන් පීඩාවට පත්වෙන ජනතාවට අපි මොකද්ද කියන්නේ ? රටේ ජනාධිපතිවරයෙක් ඉන්නවා ඇහැට පේන්නේ නෑ. මහජනතාවට පේන්නේ නෑ. මිනිස්සු පෙළෙන්නේ බරපතළ පීඩාවක. අඩුම තරමේ ඒ මිනිස්සුන්ට හිතට දැනෙන මොකක් හරි සහනයක්වත් පේන තෙක්මානයක නෑ. අපි විපක්ෂයේ හිටියා කියලා අපි කාලකන්නි සන්තෝෂයක් ලබන්නේ නෑ. අවාසනාවකට මේ තියෙන පාලන තන්ත්‍රව ගැන ජාත්‍යන්තරයේ විශ්වාසයක් නෑ.

රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ භූමිකාව ගැන නෙමෙයි මම මේ කියන්නේ. එතුමා ඡන්දයෙන් පැරදිලා ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයකින් ආපු තනි පුද්ගලයෙක්. එහෙම කෙනෙක් අගමැති කරා කියලා ජාත්‍යන්තර විශ්වාසය ඇති වෙනවා කියලා මම නම් හිතන්නේ නෑ. කරුණා කරලා දැන්වත් මේක උත්සන්න වීමට ඉඩනොදී අපේ පක්ෂ ටික එකතුවෙලා සාකච්ඡා කරලා සර්ව පාක්ෂික පාලනයක් පිහිටුවලා රටේ විශ්වාසයයි ජාත්‍යන්තර විශ්වාසයයි දෙකම දිනාගන්න වැඩපිළිවෙලකට යන්. අපි මේ සෙල්ලමක් ද කරන්නේ. ගිනි කන්දක් උඩ ඉදගෙන අපි ටෙනිස් බෝල ගහනවා.”


RECENT ARTICLES - SINHALA

රුසියානු-යුක්‍රේන යුද්ධයේදී ලාංකික සෙබළුන් 16 ක් මිය ගිහින්

රුසියානු යුක්‍රේන යුද්ධයේදී ශ්‍රී ලාංකික විශ්‍රාමික හමුදා සෙබළුන් 16 දෙනෙකු මියගොස් ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසනවා. අමාත්‍යවරයා පැවසුවේ, යුද්ධයට එක් වූ ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් පැමිණිලි...

දකුණු ආසියාවේ අලුත්ම නීති තියෙන්නේ ලංකාවෙ – ජනපති

පසුගිය වසර 02 තුළ පමණක් නව නීති 75ක් සම්මත කර ගැනීමට රජය කටයුතු කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. තෙල්දෙණිය නව උසාවි සංකිර්ණය විවෘත කිරීමේ...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...