28.9 C
Colombo
Saturday, April 27, 2024

ජනාධිපති පිස්සු නටනවා; ඡන්දේ දුන්නේ මෝඩරාළ කෙනෙකුට – කාදිනල් හිමි (VIDEO)

- Advertisement -

මුතුරාජවෙල සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කරන පිළිවෙත වෙනස් නොකරන්නේ නම් ජනතාව සමග පෙළ ගැසෙන බව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.

ඒ, ඊයේ (26) එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගෙන විනාශවීමෙන් අපවිත්‍ර වූ පමුණුගම, සරක්කුව වෙරළ තීරය නිරීක්ෂණය කිරීම සඳහා පැමිණ සිටි අවස්ථාවේදීයි.

අනතුරුව මාධ්‍යයට අදහස් පළ කළ කාදිනල් හිමිපාණන්,

”අපි ආණ්ඩුවක් ඡන්දේ දීලා තොරගත්තා නේ. දැන් ඒ ආණ්ඩුව ජනතාවගේ පැත්තේ තමයි ඉන්න ඕන. දැන් මුතුරාජවෙල සම්බන්ධව දැන් අලුතෙන්ම කරගෙන යන වැඩපිළිවළ අපිට කොහොමටවත් පිළිගන්න බෑ. ජනතා විරෝධි තීරණයක්. ඒ නිසා අපිට සිද්ද වෙනවා අනිවාර්යෙන් ජනතාව පාරට බස්සන්න ජනාධිපතිතුමාටත් රජයටත් විරුද්ධව. ඒක අපි නොකර ඉන්නෙත් නෑ.

මේ විදියට හිතුවක්කාර විදියට රට පාලනය කරන්න අපි මේ ජනාධිපතිතුමාටවත් අගමැතිතුමාටවත්, අමාත්‍ය මණ්ඩලයේ එක්කෙනෙකුටවත් අපි බලය දීලා නෑ. මේ වගේ දේවල් කරනවා නම් ජනතාවගේ මතය විමසන්න ඕන කලින්. විමසලා කැමැත්ත නොකමැත්ත අර ගන්න ඕන.එකයි ප්‍රජාතන්ත්‍රවාදය

දැනට අපිට පේන හැටියට මේ රජය සවන් දෙන්න නෑ ජනතාවට.ජනතාව සමග නෙවෙයි ඉන්නේ. ධනවතුන්ගේ පැත්තෙ විදේශීය සමාගම්වල පැත්තේ. එහෙම තමයි හැම තීරණයක්ම ගන්නේ ඒ විදියට. එහෙම බෑ. අපිට කිව්වෙ එහෙම එකක් නෙවෙයි ඡන්දෙ කාලෙදි. ජනතාව සමග ඉන්නවයි කියන පොරොන්දුව දුන්නා කෝ ඒක ඉෂ්ට කරාද? ජනතාවට ආරක්ෂාවක් නෑ. පාස්කු ප්‍රහාරය ගැන කිසිඳු හරි ආකාර හොයා ගැනීමක් කරන්නේ නෑ. උඩින් පල්ලෙන් මොනවා හරි කරනවා.

මුතුරාජවෙල සම්බන්ධවත් එහෙමයි. වැව් අමුණු ඒවා ආරක්ෂා කරන ඒවා මුකුත් කරන්නෙත් නෑ. දැන් මේ UDA එකට මේ පළාතම භාරදෙන ගැසට් එකක් ගහලා ජනාධිපතිතුමා පිස්සු නටනවා. මේ මිනිස්සු අවුරුදු 100, 200 හිටියා ඒවා UDA එකට පවරන්න බෑ. UDA එකේ ඉන්නේ කව්ද ඒ කොහේ ඉඳලා ආව කට්ටියක්ද? පිටසකවලකින් ආපු කට්ටියක්ද එහේ ඉන්නේ. UDA එකේ. ඒ නිලධාරීන්ට එයාර්කන්ඩිෂන් කාමරවල ඉන්න කොළඹ නිලධාරීන්ට පවරන්න පුළුවන් ද. මේ පැත්තේ මන්ත්‍රීතුමාගෙන් ඇහුව ද? මම මන්ත්‍රිතුමාට කෝල් කෙරුවාම එතුමා කියනවා. මම දන්නේ නැහැල්ලු, මට කිව්වේ නැහැල්ලු, ඉතිං මේ පළාතේ ජනතාව ඡන්දේ දීලා තියෙන්නේ මෝඩරාළ කෙනෙකුටනේ”

RECENT ARTICLES - SINHALA

කොළඹට අද පැය 14ක ජල කප්පාදුවක්

අද (27) පස්වරු 5 සිට පැය 14ක කාලයක් කොළඹ, දෙහිවල – ගල්කිස්ස හා මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන...

බැසිල් හදිසියේ ඉන්දීය මහ කොමසාරිස් හමුවෙයි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (26) ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා හමුවී සාකච්ඡා කර තිබෙනවා. x පණිවුඩයක් නිකුත් කරමින් මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය...

හරක් කටා අධිකරණයෙන් තවත් සහන ඉල්ලලා

මේ දිනවල දැඩි රස්නයක් පවතින නිසා තමා රඳවා සිටින කුටියේ සිටීමට අපහසු බැවින් තමාට විදුලි පංකාවක් ලබාදෙන්නැයි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරමකරුවකු වන නඳුන් චින්තක නොහොත්...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...