27 C
Colombo
Monday, May 6, 2024

භූමිතෙල් මිලත් අනිවාර්යෙන්ම වැඩි කරනවා..! – ඇමති කංචන

- Advertisement -

භූමිතෙල් මිල ද ඉදිරි දින කිහිපයේදී අනිවාර්යෙන්ම වැඩි කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා

ඒ, ඊයේ (05) දින පාර්ලිමේන්තුව අමතමින්.

භූමිතෙල් ලීටරක් මේ වනවිට අලෙවි කෙරෙනුයේ රුපියල් 87 කට බවත් තෙල් සංස්ථාවට ලීටරයක් වෙනුවෙන් රුපියල් හාරසිය විස්සක් වියදම් වන බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කර සිටියා.

මේ අතර, ජූනි 09 වැනිදා ජල විදුලිය වෙනුවට ඩීසල් බලාගාර භාවිත කිරීම හා අනුමැතියකින් තොරව විදුලිය කප්පාදු කිරීම සම්බන්ධයෙන් විදුලි ඉංජිනේරුවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

ජූනි 09 වැනිදා විදුලිබල පණත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ ඊට විරෝධය පළ කරමින් වෘත්තිය සමිති නියෝජිතයන් මෙම ක්‍රියාමාර්ග සිදුකර ඇති බවයි අනාවරණය වි ඇත්තේ.

ඊට අදාලව මහජන උපයෝගීතා කොමිසම සිදුකළ පරීක්ෂණය පිළිබද විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ඊයේ පාර්ලිමේන්තුවේදි අදහස් දැක්වුවා.


RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...