30.1 C
Colombo
Friday, April 26, 2024

අත්‍යවශ්‍ය භාණ්ඩ වෙළෙඳපොළට පැමිණීමෙන් පොලිම් ක්‍රමය අවසන් වෙයි

- Advertisement -

ලෝක වෙළදපොලේ භාණ්ඩ මිල ඉහළ යාම සහ ඩොලරයට සාපේක්ෂව රුපියල ශීඝ්‍රයෙන් අවප්‍රමාණයවීම හේතුවෙන් කිරිපිටි, තිරිඟු පිටි, ගෑස් ආදි අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා පැවැති මිල ගණන් අසීමිත ලෙස පසුගිය කාලයේ ඉහළ ගියා.

මෙකී තත්ත්වය පාලනය කිරීම සඳහා රජය විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා පාලන මිලක් පනවනු ලැබූවත් එය සාර්ථක වූයේ නැහැ.

පාලන මිලක් නියම කිරීමෙන් සිදු වූයේ භාණ්ඩ හිඟවීම සහ වෙළඳසල් අසල දිගු පෝළිම් නිර්මාණය වීමත් පමණි.

එපමණක් නොව, මේ කර්මාන්ත ආශ්‍රිතව නිර්මාණය වී තිබු ලක්ෂ ගණනක රැකියා අහිමිවීමේ අවදානමක්ද නිර්මාණය වුණා.

ඒ අනුව මිල පාලනයෙන් එතෙක් පැවති ආර්ථික තත්ත්වය තවදුරටත් උග්‍රවීමත් පොලිම් ක්‍රමයක් ඇතිවීමත් දක්නට ලැබුණා.

එම නිසා කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා පනවා තිබු පාලන මිල ඉවත් කිරීමට රජය තිරණය කළා.

මේ හේතුවෙන් මෙතෙක් වෙළඳසැල් අසල පැවති දිගු පෝළිම් ක්‍රමයෙන් අඩුවෙමින් පවතින අතර ඇතැම් ස්ථානවල මෙතෙක් පැවති පෝලිම් අවසන්ව තිබෙනවා.

ඉල්ලුමට අනුව භාණ්ඩ සැපයුමක් පැවතීම හේතුවෙන් අපහසුවකින් තොරව පාරිභෝගිකයන්ට භාණ්ඩ මිලදී ගැනීමට ඇති හැකියාව මෙම තත්ත්වයට හේතුවී ඇති බවයි වාර්තා වන්නේ.

මේ නිසා කිරිපිටි, තිරිඟු පිටි, ගෑස් ආදි අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව , පෝළිම් කරදරයෙන් මිදී වෙළඳපොළේ පවතින සැබෑ මිලටම මිලදී ගැනීමට මේ වන විට පාරිභෝගියන්ට හැකිවී ඇති බවට අප ප්‍රාදේශීය වාර්තාකරුවන් පවසනවා.

RECENT ARTICLES - SINHALA

ආයුර්වේද ඖෂධ නිෂ්පාදන නියාමනයට අලුත් සභාවක්

ශ්‍රී ලාංකීය ජනතාවගේ මෙන්ම සමස්ථ ලෝවාසී ජනතාවගේ නීරෝගී සුවය උදෙසා ගුණාත්මක තත්ත්වයෙන් උසස් ආයුර්වේද ඖෂධ නිෂ්පාදන ක්‍රියාවලියක් වෙනුවෙන් ආයුර්වේද ඖෂධ නිෂ්පාදන නියාමන සභාව පත්කිරීම...

කොකුවිල් දුම්රිය ස්ථානයට සීල් තියලා

යාපනය කොකුවිල් දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත්‍ර අලෙවි කිරීමෙන් ලද ආදායමෙන් රුපියල් ලක්ෂ විසි හතරක මුදලක් වංචා වීමත් සමගම දුම්රිය විමර්ශන නිලධාරීන් විසින් කොකුවිල් දුම්රිය ස්ථානයට...

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ගැන දැනුම්දීමක්

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනව. ඔහු අද (26) පාර්ලිමේන්තුවේදී සඳහන්...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...