32 C
Colombo
Sunday, June 4, 2023

දෙවන මාත්‍රාව අවශ්‍ය නොමැති බවට අත්සන් ගත්තේ විශේෂඥයින් සමඟ සාකච්ඡා කිරීමෙන් පස්සෙ‍යි – කෙහෙළිය

- Advertisement -

මහනුවර ප්‍රදේශයේ කොවිඩ් එන්නත්කරණ වැඩසටහන යටතේ ලබා දෙන එන්නතෙහි පළමු මාත්‍රාව පමණක් වුව ද ලබා ගැනීමට කැමති යැයි අත්සන් ලබා ගෙන ජනතාවට එන්නත් ලබා දී ඇතැයි වාර්තා වනවා.

Sputnik V එන්නත එම ප්‍රදේශයේ ජනතාවට එන්නත් කර තිබූ අතර ‘ස්පුට්නික්-V එන්නත පළමු මාත්‍රාව පමණක් වුව ද ලබා ගැනීමට මම කැමැත්තෙමි’ යනුවෙන් මුද්‍රාවක් එන්නත ලබා ගැනීමට කැමැත්ත ප්‍රකාශ කිරීමේ පත්‍රයට ඇතුළත් කර තිබිණි.

මේ පිළිබඳව අද (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු මේ සම්බන්ධයෙන් විමසූ විට අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කර සිටියේ

මහජන සෞඛ්‍ය පිළිබද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සහ රජයේ වෛද්‍යවරුන් මෙය තමන්ගේ අනුදැනුමකින් සිදු නොවූ බවට පවසන පසුබිමක සහ ස්පුට්නික් එන්නතේ මාත්‍රා දෙක එකෙනෙකින් වෙනස් බව පැවසෙන පසුබිමක මෙම තීරණය ගනු ලැබුවේ කවුරුන් විසින්ද යන්න මාධ්‍යවේදීන් විමසා සිටීමේදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසා සිටියේ මෙම තීරණය ගනු ලැබුවේ විශේෂඥ කමීටුවක් සමගින් සිදු කරන ලද සාකච්ඡාවකින් අනතුරුව බවයි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් විමසිය යුත්තේ තමන්ගෙන් නොව හේමන්ත හේරත් මහතාගෙන් බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසා සිටියා.

සබැඳි ලිපි..

RECENT ARTICLES - SINHALA

මැතිවරණ කොමිසමෙන් විරෝධයක්

පළාත් පාලන ආයතන අධීක්ෂණය වෙනුවෙන් ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාගේ නියෝජිතයෙකු පත් කිරීමේ තීරණයට විරෝධය පළ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඇගළුම් කම්හලක සේවකයෙක් හදිසි අනතුරකින් මරුට

කළුතර උතුර සමඟිපුර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක මුද්‍රණ යන්ත්‍රයකට හසුවීමෙන් එම කර්මාන්ත ශාලාවේ සේවකයෙකු ඊයේ (03) මියගොස් තිබෙනවා. මෙලෙස...

මුදල් විශුද්ධිකරණයට එරෙහිව ජනපතිගෙන් විශේෂ තීන්දුවක්

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳව ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...