27.9 C
Colombo
Saturday, April 27, 2024

තලේබානුවන් ජගත් සමුළුව අමතයිද?

- Advertisement -

ඇෆ්ගනිස්තානයේ බලය තහවුරු කරගෙන සිටින තලේබාන් සංවිධානය මෙවර එක්සත් ජාතීන්ගේ 76 වැනි මහ සමුළුව ඇමතීමට අවසර ඉල්ලා ලිපියක් යොමුකර තිබේ.

මේ වනවිට ජගත් සංවිධානයේ ඇෆ්ගන් තානාපතිවරයා ලෙස කටාර් රාජ්‍යයේ සිටින සිය ප්‍රකාශකවරයා නම් කිරීමටද තලේබාන් පාලනය මේ වනවිට පියවර ගෙන තිබේ.

එක්සත් ජාතීන්ගේ ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජරික් පැවසුවේ, මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස්ට සැප්තැම්බර් 15 දා, ඇෆ්ගනිස්ථානයේ 76 වන වාර්ෂික සැසිවාරයට සහභාගී වන නියෝජිතයින්ගේ ලැයිස්තුව ඇතුලත් පණිවිඩයක් ඇෆ්ගනිස්ථාන තානාපති ගුලාම් ඉසැක්සායිගෙන් ලැබුණු බවයි.

ඉන් දින පහකට පසු, එක්සත් ජාතීන්ගේ ලෝක නායකයින්ගේ රැස්වීමට සහභාගී වීමට ඉඩ දෙන ලෙස ඉල්ලමින් තලේබානුවන් පිහිටවා ගත් ඇෆ්ගනිස්ථාන ඉස්ලාමීය එමිරේට්ස් විදේශ කටයුතු අමාත්‍ය අමීර් ඛාන් මුත්තාකිගේ අත්සනින් යුතු තවත් ලිපියක් ගුටරෙස්ට ලැබී ඇත.

මේ වනවිටත් චීනය ඇතුළු සීමිත රටවල් කිහිපයක් තලේබාන් පාලනය නිල වශයෙන් පිළිගෙන ඇති අතර චීනය තලේබාන් ඇෆ්ගනිස්ථානයට ආධාර ලබාදීමටද තීරණය කර තිබෙනවා.

සැප්තැම්බර් 27 දා අවසන් දිනයේදී ඇෆ්ගනිස්තානය සමුළුවේ අවසන් කතාව කිරීමට නියමිත වන අතර එම කථාව කිරීමට ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් ඉඩ ලබා දෙන්නේ කවර පාර්ශවයටදැයි ජාත්‍යන්තරය විමසිල්ලෙන් බලා සිටියි.

RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...