28 C
Colombo
Friday, May 10, 2024

වෙළෙඳ අමාත්‍යංශයේත් උමංදාවක් දාලා

- Advertisement -

පූජ්‍ය සිරි සමන්තභද්‍ර හිමිගේ ‘උමංදාව’ සංකල්පයට අනුව කොල්ලුපිටියේ පිහිටි වෙළෙඳ අමාත්‍යාංශයේ බිම්මහලේ උමංදාව හරිත අලෙවිසැල (Umandhawa Green Hut) නමින් භාණ්ඩ අලෙවිසැලක් වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා විසින් අද (22) විවෘත කරනු ලැබූවා.

මෙම අවස්ථාවට පූජ්‍ය සිරි සමන්තභද්‍ර හිමි, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා, ITI ආයතනයේ සභාපති ආචාර්ය සිරිමල් ප්‍රේමකුමාර, වියට්නාමය, ඉන්දුනීසියාව, පලස්තීනය හා තායිලන්තය යන රාජ්‍යයන්හි තානාපතිවරුන් හා රාජ්‍ය නිළධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

මෙහිදී අදහස් දක්වමෙින් වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ පූජ්‍ය සිරි සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේ විසින් ආරම්භ කළ උමංදාව සංකල්පය ජනතාව තුළ කෘෂිකර්මාන්තය කෙරෙහි වඩා ප්‍රබෝධමත් ආකල්පයක් ඇති කළ නව වැඩපිළිවෙලක් බවයි.

වසර 30-40 ක් තිස්සේ පිරිහීමට ලක් වූ කෘෂිකාර්මික ක්ෂේත්‍රය නගා සිටුවීම ස්වාමීන් වහන්සේලා විසින් කළ යුත්තක් නොවූවත්, මෙවැනි කාලෝචිත සද්කාර්යයක් ඇරඹීම පිළිබදව ස්වාමීන් වහන්සේට සිය ස්තූතිය පිරි නමන බවද අමාත්‍යවරයා සදහන් කළා.

මෙහිදී අදහස් දක්වමින් පූජ්‍ය සිරි සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේ සඳහන් කළේ , තරුණ පිරිස් හෘද හා දියවැඩියා රෝග වලට ලක් වීම, පිළිකා වැළදෙන පිරිස් ඉහළ යාම ආදී ලෙස අප ජාතියක් ලෙස ගැටලු රැසකට මුහුණ පාමින් සිටින බවයි.

උමංදාව මුල් කර ගෙන ග්‍රාමීය ජනතාවගේ වස විසෙන් තොර හරිත නිෂ්පාදන සඳහා වෙළෙඳපොළක් සකස් කිරීම මෙම වැඩසටහනේ අරමුණ බව සඳහන් කළ උන්වහන්සේ, එවැනි දේශීය නිෂ්පාදකයන් 30 දෙනෙකුගේ ආහාරපාන, එළවලු හා පළතුරු ඇතුළු කාබනික නිෂ්පාදන මෙම වෙළෙඳසැලෙන් මිලදී ගැනීමට පාරිභෝගිකයාට හැකි බවත්, මෙම වැඩපිළිවෙල තවත් ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වන බවත් වැඩිදුරටත් සදහන් කළා.

RECENT ARTICLES - SINHALA

විදුලි සංදේශ නියාමන පනත වසර විසිඅටකට පසු සංශෝධනයට

වසර 28කට පසුව විදුලි සංදේශ නියාමන පනත සංශෝධනය කිරීම සඳහා වන සංශෝධිත පනත් කෙටුම්පත හෙට (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව තාක්ෂණ රාජ්‍ය...

සජබ ලියාපදිංචි කලේ මංගල

සමගි ජන බලවේගය ලියාපදිංචි කළේ මංගල සමරවීර මහතා බව මාතර ඇමතිවරයකු වන කංචන විජේසේකර මහතා එය නොදැන සිටීම පුදුමයට කාරණයක් බව කොළඹ දිස්ත්‍රික් සජබ...

සිංහල අවුරුද්දේ මද්‍යසාර භාවිතයේ අඩුවක්

මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ මද්‍යසාර භාවිතයේ පැහැදිලි අඩුවක් දක්නට ලැබෙන බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසනවා. පසුගිය සිංහල හා දෙමළ...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වන දිනය ගැන දැනුම්දීමක්

අද ඇරඹුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් මාසය වනවිට ලබාදීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. විභාග...