30 C
Colombo
Friday, May 17, 2024

සුසිල් සඟ සරණ යයි. ගුරුවරුන්ගේ ඇඳුමෙහි වෙනසක් නැහැ (වීඩියෝ)

- Advertisement -

මොන යම් හේතුවක් මත හෝ ගුරුවරුන්ගේ හෝ පාසල් සිසුන්ගේ ඇඳුමෙහි කිසිදු වෙනසක් සිදු නොකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා.

පසුගියදා ගුරු සංගම් ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා විසින් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියේ ගුරුවරුන් හටද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය අනුව සුදුසු ඇදුමකින් පාසල වෙත පැමිණීමට අවස්ථාව ලබාදෙන ලෙසයි.

මීට කුපිත වූ සංඝයා වහන්සේ කිහිප නමක් ජෝසප් ස්ටාර්ලින් මහතා හට දැඩිව දෝෂාරෝපණය කරමින් ඊයේ (03) මාධ්‍ය වෙත අදහස් පලකර තිබුණා.

අප කළ සොයා බැලීමකදී වාර්තා වූයේ මෙම භික්ෂූන් වහන්සේලාගෙන් මෙම අදහස් ලබාගෙන ඇත්තේ මාධ්‍ය නාලිකා නොව අධ්‍යාපන අමාත්‍යංශයේ මාධ්‍ය අංශයෙන්ම බවයි.

ඒ අනුව අද දිනයේ මාධ්‍ය වෙත අමාත්‍යවරයා අදහස් දක්වමින් එම සංඝායා වහන්සේලාගේ අදහස අනුමත කරමින් ගුරුවරුන්ගේ ඇඳුමෙහි වෙනසක් සිදු නොකරන බව පවසා තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

නව රථවාහන සැලැස්මක් ගැන පොලීසියෙන් නිවේදනයක්

රණවිරු දින සැමරුම් උත්සවය වෙනුවෙන් රථ වාහන ගමනාගමනය සීමා කිරීම සම්බන්ධයෙන් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එළඹෙන 19 වන ඉරිදා දින සවස පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ දී...

කුසල්ගේ වීසා ගැටලුව ගැන ක්‍රිකට් ආයතනයෙන් ප්‍රකාශයක්

අමෙරිකාවට යෑම සඳහා ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඉදිරිපත් කළ වීසා අයදුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක ඈෂ්ලි ද...

හොර දොස්තරලා ගැන දැනුම් දෙන්න අංකයක්

ව්‍යාජ වෛද්‍යවරු සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ රටපුරා ව්‍යාජ වෛද්‍යවරු 40,000ක් පමණ සිටින බවයි. එම සංගමයේ...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...