32 C
Colombo
Sunday, May 5, 2024

ගුරුවරියන්ගේ සාරිය මාරු කිරීම ගැන සංඝයා කිපෙයි (වීඩියෝ)

- Advertisement -

සිංහල බෞද්ධ රටක් වූ ශ්‍රී ලංකාව තුළ පාසල් ගුරුවරුන්ට පහසු ඇඳුමකින් සැරසී පැමිණීමට ඉඩ ලබාදීම මෙරට සංස්කෘතියට නොගැලපෙන බව මහා සංඝරත්නය පවසනවා.

ඒ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් ගුරුවරුන්ට පොදු ඇඳුමකින් සැරසී අධ්‍යාපන කටයුතු සිදු කිරීමට ඉඩ ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍ය ලේකම්වරයාගෙන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

මීට පෙර රජය විසින් රජයේ නිලධාරින් හට පහසු ඇදුමකින් සැරසී සේවය වාර්තා කිරීමට හැකි වන පරිදි 5/2022 චක්‍රලේඛය නිකුත් කර තිබුණා.

ඒ පවත්නා ආර්ථික අර්බුදය හේතුවෙන් රජයේ සේවකයන් හට ඇඳුම් මිලදී ගැනීමට ඇති අපහසුතා සැලකිල්ලට ගනිමින්.

මේ සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය විසින් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිපියක් යොමුකරමින් සදහන් කර තිබුණේ රාජ්‍ය නිලධාරීන්ගේ ඇඳුම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් නිකුත් කරන ලද චක්‍රලේඛය පාසල් ගුරුවරියන් සම්බන්ධයෙන්ද අදාළ කර ගැනීම සළකා බලන ලෙසයි.

ඊට ඔවුන් හේතු ලෙස දක්වා තිබුණේ පවතින ආර්ථික පීඩාවන් සහ ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමේදී අධික පිරිවැයක් දැරීමට සිදුවීමයි.

කෙසේවෙතත් මීට උරණ වූ භික්ෂූන්වහන්සේ කිහිප නමක් ගුරුවරියන්ගේ ඇඳුම වෙනස් කිරීම මගින් මෙරට සංස්කෘතිය, සභ්‍යත්වය විනාශ වේයැයි මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණා.

ඉන් ඇතැමෙක් සදහන් කර තිබුණේ රාජ්‍ය නොවන සංවිධානවල වුවමනාව පරිදි ගුරුවරුන්ගේ ඇඳුම වෙනස් කළ නොහැකි බවයි.

1966 ප්‍රංශයේ පැරිස් නුවරදී අත්සන් කරන ලද ලෝක ගුරු ප්‍රඥප්තියට ශ්‍රී ලංකාවද අත්සන් තබා තිබෙනවා.

ඊට අනුව යම් රටක රජයක් ගුරුවරුන් සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී එරට ගුරු සංගම් සමග සාකච්ඡා කොට තීරණ ගතයුතු වනවා.

කෙසේවෙතත් මෙරට එවැනි තීරණ ගනු ලබන්නේ සංඝයා වහන්සේලා සමඟ බවට පසුගිය කාලය පුරා සිදුවූ සිදුවීම් වලින් පැහැදිලි වනවා.

දරුවන්ට සෞඛ්‍ය අධ්‍යාපනය ලබාදෙමින් ළමා අතවරවලින් වැළකීම සඳහා පසුගිය යහපාලන රජය සමයේ සම්පාදනය කරන ලද ‘හතේ අපේ පොත ‘ සම්බන්ධයෙන්ද සංඝරත්නයේ එක්තරා කොටසකින් දැඩි විරෝධයක් එල්ල වුණා.

ප්‍රජා වෛද්‍ය විශේෂඥ අසන්ති ප්‍රනාන්දු, වෛද්‍ය ගාමිණී සමරවික්‍රම, වෛද්‍ය ජීවරංග ගුණසේකර යන විද්වතුන්ගෙන් සමන්විත කතෘ මණ්ඩලයක් විසින් සම්පාදිත මෙම ග්‍රන්ථය දරුවන්ගේ මනස විකෘති කර ළමයින් හට ලිංගික අධ්‍යාපනය ලබාදීම කෙරෙහි මෙම සංඝයා දැඩිව විවේචනය කිරීම හේතුවෙන් එය මේ වන විට තහනම් ග්‍රන්ථයක් බවට පත්ව තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...