30.2 C
Colombo
Saturday, April 27, 2024

තමන්ගේ ආරක්ෂාවට ප්‍රතිප්‍රහාර එල්ලකල හැකියි – අජිත් රෝහණ (වීඩියෝ)

- Advertisement -

නිල ඇඳුම අවභාවිතා කර සිදුවන පොලිස් පහරදීමකදී පුරවැසියෙකුට සිය ආත්මාරක්ෂාව වෙනුවෙන් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට හැකියාවක් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඔහු සඳහන් කරන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ 92 සහ 93 යන ප්‍රතිපාදන යටතේ යම් පුද්ගලයෙකුට සිය ආත්මආරක්ෂාව සහ ජිවිත ආරක්ෂාව සඳහා ක්‍රියා කළ හැකි බවයි.

” පොලිස් නිලධාරියෙකුගේ ක්‍රියාවට ප්‍රතිරෝධය නොපාන අවස්ථාවක, තමන්ගේ අතේ ආයුධයක් හෝ වෙනත් දෙයක් නොමැතිවිටකදී මෙවැනි පහරදීමක් සිදුවන විට තමන්ගේ ආත්මාරක්ෂාව සඳහා ක්‍රියා කිරීමට ඕනෑම පුද්ගලයෙකුට අයිතිය තිබෙනවා. නීතිය සෑම දෙනාටම ඒකාකාරයි”

පන්නිපිටියේ සිදුවූ සිදුවීමේදී පොලිස් නිලධාරියාගේ හැසිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත් ඔහුට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර සිටිනවා.

අදාල පොලිස් කොස්තාපල්වරයා මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී පාද නල්ලතන්නිය නගරයට මත්පැන් බලපත්‍රයක්

නල්ලතන්නිය ශ්‍රි පාද බෞද්ධ මධ්‍යස්ථානය යාබදව සංචාරක මණ්ඩලයේ අනුමැතිය සහිතව සංචාරක හෝටලයක මත්පැන් අලෙවිසැලක් විවෘත කිරිමට සුදානමක් ඇති බව නල්ලතන්නිය ප්‍රදේශවාසින් පවසනවා. සංචාරක මණ්ඩලයේ අනුමැතිය...

දුම්රිය ආසන වෙන් කිරීමත් අවුලක

අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ආසන වෙන් කිරීමේ අර්බුදය විසඳීමට බලධාරීන් මේ වනතෙක් පියවර ගෙන නොමැති බවට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති සුමේධ සෝමරත්න මහතා...

මැණික් ගරමින් සිටි පුද්ගලයෙක් දියේ ගිලී මරුට

හොරණ පෝරුවදණ්ඩ ප්‍රදේශයේ කළුගඟේ මැණික් ගරමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලි මියගොස් තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඊයේ (26) දහවල් කාලයේ මෙම පුද්ගලයා කළු ගඟේ මැණික් ගරමින්...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...