28.9 C
Colombo
Saturday, April 27, 2024

මහජන මුදල් අවභාවිතා කරන අය යළි ඉපදෙන්නේ කුම්භාණ්ඩයින් වෙලා – නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය

- Advertisement -

අනාගතයේ උපදින දරුවන් වෙනුවෙන් සිදුවන සංවර්ධනයට යොදවන මුදල් අවභාවිතා කළහොත් ඊළඟ ආත්මයේ ඉපදෙන්නේ කුම්භාණ්ඩයන් වී බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පවසනවා.

‘වැව්ගම් පුබුදුව’ ව්‍යාපෘතියේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගී වෙමින් ඇය මෙම අදහස් පලකළා.

ආණ්ඩුකාරවරිය මෙහිදී පෙන්වා දුන්නේ එලෙස මහජන මුදල් අවභාවිතා නොකර මතු අත්භවය සඳහා පිං පමුණුවාගන්නා ලෙසයි.

මෙම ව්‍යාපෘතිවලට අදාළව සිනි ප්‍රමිතියකින් තොරව ඉදිකිරීම් කටයුතු සිදුකරන කොන්ත්‍රාත් සමාගම් වහාම ඉවත්කර නිවැරදි ක්‍රමවේදයක් යටතේ යළි කොන්ත්‍රාත්කරුවන් තෝරාගැනීමටද කටයුතු කරන බවට අනුරාධා යහම්පත් මහත්මිය පවසනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරිය,

“අපිට විදෙස් රටවල්වලින් ලැබෙන ආධාර හැම සතයක්ම අපි ප්‍රයෝජනයට ගන්න ඕනේ. නිකං ලැබුණා කියලා මේ මුදල් නිකරුණේ නාස්ති වෙන්න දෙන්න බැහැ. මේ ව්‍යපෘතිය පටන් අරගෙන දැන් අවුරුදු 4 ක්. මෙහි වැඩ සිදුවෙන්නේ ඉතා මන්දගාමීව කියලා ගොවි ජනතාවගෙන් චෝදනා තියෙනවා. අපිට මේ වැව් අහම්බෙන් හරි දෙවියන්ගෙන් හරි ලැබුණු දේවල් නෙවෙයි. මේවා අපේ මුතුන් මිත්තන්ගේ නිර්මාන. නමුත් කියන්න කණගාටුයි අද ජලය නඩත්තු කරන ව්‍යාපෘති ගේන තරමට අපේ ජල කළමණාකරණය පහත වැටිලා. දැන් කරන්න දෙයක් නැහැ. අපි අතින් වැරදුණු තැන් හදාගෙන ඉදිරියට යමු. මොන දේ කරලා හරි ගොවියාට වතුර ටික දෙන්න බැරිනම් අපි මේ රැස්වීම්වල මැජික් කරලා වැඩක් නැහැ.”

RECENT ARTICLES - SINHALA

අනුර අද ස්වීඩනයේදී ජනහමුවකට

ස්වීඩනයේ සංචාරයක නිරත ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනහමුවකට සහභාගිවීමට නියමිතව තිබෙනවා. ස්වීඩනයේ, නකාඕලා, ස්ටොක් හෝම්හිදී මෙරට වේලාවෙන් අද පස්වරු 6.00ට පමණ...

කොළඹට අද පැය 14ක ජල කප්පාදුවක්

අද (27) පස්වරු 5 සිට පැය 14ක කාලයක් කොළඹ, දෙහිවල – ගල්කිස්ස හා මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන...

බැසිල් හදිසියේ ඉන්දීය මහ කොමසාරිස් හමුවෙයි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (26) ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා හමුවී සාකච්ඡා කර තිබෙනවා. x පණිවුඩයක් නිකුත් කරමින් මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...