25 C
Colombo
Thursday, May 9, 2024

එක්සත් ජනපද මාධ්‍යවේදීන් ගැන ඔත්තු බැලූ බවට ටික්ටොක් වෙත චෝදනා

- Advertisement -

එක්සත් ජනපද වාර්තාකරුවන් දෙදෙනෙකු ඇතුළු එක්සත් ජනපද ටික්ටොක් පරිශීලකයින්ගේ දත්ත එහි සේවකයන් විසින් නුසුදුසු ලෙස ලබාගෙන ඇති බව අභ්‍යන්තර පරීක්ෂණයකින් හෙළිවී තිබේ.

ටික්ටොක් (TikTok) හි චීන මව් සමාගම වන බයිට්ඩාන්ස් (ByteDance) පසුගියදා මෙම කරුණු අනාවරණය කර තිබිණ.

මෙයට සම්බන්ධ සේවකයන් හතර දෙනාම සේවයෙන් පහ කළ බව සමාගම ප්‍රකාශ කළේ, එම සිවුදෙනාගෙන් එක් අයකු ඉල්ලා අස් වූ බවට කලින් කළ ප්‍රකාශය නිවැරදි කරමිනි.

ඔවුන්ගෙන් දෙදෙනෙක් චීනයේ සේවය කරන අතර දෙදෙනෙක් එක්සත් ජනපදයේ සේවය කළ බව නිව්යෝර්ක් ටයිම්ස් වාර්තා කර තිබිණ.

ByteDance පැවසුවේ එහි අභ්‍යන්තර විගණන සහ අවදානම් කණ්ඩායම ප්‍රතිව්‍යුහගත කර ඇති අතර එක්සත් ජනපද දත්ත වෙත ප්‍රවේශය ඉවත් කර ඇති බවයි.

සේවකයින් වාර්තාකරුවන් දෙදෙනෙකුගේ IP ලිපින සහ අනෙකුත් දත්ත වෙත ප්‍රවේශ වී ඔවුන්ගේ TikTok ගිණුම් හරහා වාර්තාකරුවන්ට සම්බන්ධ වූ කුඩා පිරිසකගේ දත්ත වෙත ප්‍රවේශය ලබාගෙන ඇති බව සදහන් වේ.

මීට පෙර එක්සත් ජනපදයේ ප්‍රාන්ත කිහිපයක රජය විසින් නිකුත් කරන ලද උපාංගවලින් TikTok වෙත ප්‍රවේශ වීම තහනම් කර ඇති අතර, ByteDance සහ චීන රජය විසින් එක්සත් ජනපද පරිශීලක දත්ත වෙත පිවිසීම අවහිර කරන ආරක්ෂක සහ රහස්‍යතා පියවර පිළිබඳව සාකච්ඡා පවත්වමින් සිටින බව මාධ්‍ය වාර්තා කරයි.

RECENT ARTICLES - SINHALA

NMRA හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර අත්අඩංගුවට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව අද (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැය 10කට ආසන්න කාලයක්...

ශ්‍රී ලංකන් පාඩුව ගැන අගමැතිගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය වසර දහයේදී (2014 -2024) රුපියල් කෝටි හතළිස් පන් දහස් හත්සිය අනූවකට වැඩි මුදලක් පාඩු ලබා තිබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ්...

අහුංගල්ලේ වෙඩි තැබිමක්

Update : අහුංගල්ල වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ 55 හැවිරිදි පුද්ගලයෙක් බවට වාර්තා වනවා. අහුංගල්ල ප්‍රදේශයේ අද(08) සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...