පළාත් පාලන මැතිවරණය අප්‍රේල් 25 වනදා පවත්වනවා ද නැද්ද යන්න සම්බන්ධව මැතිවරණ කොමිසම අද (23) විශේෂ තීන්දුවක් ගැනීමට නියමිතයි.
ඒ අනුව මේ සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා අද (23) උදෑසන 10ට සියළු දේශපාලන පක්ෂ ලේකම්වරුන් මැතිවරණ කොමිසමට කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.
මෙහිදී මැතිවරණය නියමිත පරිදි පැවැත්වීමට නොහැකි වීමේ ගැටළු පිළිබඳව දීර්ඝව සාකච්ඡා කිරීමට නියමිතව ඇති.
මැතිවරණ කොමිසමේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා වන්නේ මැතිවරණයට ඉදිරි නව දිනයක් ලබා දෙන්නේද එසෙත් නැතිනම් නව මැතිවරණ දිනයක් ප්‍රකාශයට පත් කිරීමට තව කාලයක් ලබා ගන්නේ ද යන්න පිළිබඳව මැතිවරණ කොමිසම අද (23) තීන්දුවක් ගැනීමට නියමිත බවයි.