27 C
Colombo
Saturday, April 27, 2024

FBI ප්‍රධානියෙක් නවදිල්ලියට

- Advertisement -

එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) ජාත්‍යන්තර මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ Raymond Duda, නවදිල්ලියේ නිල සංචාරයක නිරතවුණා.

එම සංචාරය ඉන්දියාවේ නීතිය බලාත්මක කිරීම සමඟ FBI සහයෝගීතාවය ඉදිරියට ගෙන යනු ඇතැයි ඉන්දියාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය තැබූ ට්විටර් සටහනක දැක්වුණි.

ජාත්‍යන්තර අපරාධ මර්ධනය සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව අවශ්‍ය වේ,” යැයි ට්විටර් සටහනේ වැඩිදුරටත් සටහන් කර තිබුණි.

ඩුඩා 2022 පෙබරවාරි මාසයේදී FBI හි ජාත්‍යන්තර මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂවරයා බවට පත් විය.

මේ අතර, ඉන්දියාවේ එක්සත් ජනපද තානාපතිවරයා ලෙස නම් කරන ලද එරික් ගාර්සෙට්ටි, ඉන්දියාවට පැමිණියේය.
ඔහු එහිදී තානාපති කාර්යාලයේ සියලුම සාමාජිකයින් හමුවී තිබේ.

ගාර්සෙට්ටි ඉන්දියාවට පැමිණීමේදී, එක්සත් ජනපදයේ ඉන්දියානු තානාපති කාර්යාලය ට්විටර් සටහනක් තබමින් පැවසුවේ, “නමස්තේ, තානාපති – එරික් ගාර්සෙට්ටි! #IncredibleIndia වෙත ඔබව පිළිගැනීමට සහ අපගේ ශ්‍රේෂ්ඨ ජාතීන් දෙක අතර වඩාත් ශක්තිමත් සබඳතා ගොඩනඟා ගැනීමට ඔබ සමඟ වැඩ කිරීමට ලැබීම ගැන අපි සතුටු වෙමු.” යනුවෙනි.

ලොස් ඇන්ජලීස් හි හිටපු නගරාධිපති එරිස් ගාර්සෙට්ටි ඉන්දියාවේ එක්සත් ජනපද තානාපතිවරයා ලෙස පසුගිය මාර්තු 15 වැනිදා සෙනෙට් සභාව තහවුරු කළේය.

RECENT ARTICLES - SINHALA

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩලවල වැටුප් විෂමතා ගැන තීරණයක්

රාජ්‍ය විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩලවල වැටුප් විෂමතාවය ඉවත් කිරීම හා දීමනා සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශ අමාත්‍ය අනුකමිටුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අධ්‍යාපන...

ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ලොක්කෙක් නිකුත් කළ ලිපියක් එළියට

ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයා සහ එම අධ්‍යක්ෂ මණ්ඩලය පසුගිය කාලසීමාව තුළ ගෙන්වූ ඖෂධ සම්බන්ධයෙන් වගකීමක් නොදරන බවට ලිපියක් නිකුත් කර ඇති බව...

ඊජිප්තුවෙන් ලූනු ගෙන්වීමේ සූදානමක්

වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා හා ඊජිප්තු තානාපති  Maged Mosleh මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ, වෙළෙඳ අමාත්‍යාංශයේදී යි. මෙහිදී...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...