27 C
Colombo
Monday, May 6, 2024

වෙළඳ හිඟය තව දුරටත් පහළට

- Advertisement -

වෙළඳ හිඟයේ පහළ යෑම අඛණ්ඩව තෙවන මාසය දක්වා දීර්ඝ කරමින්, 2022 වසරේ මැයි මාසයේ දී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත අපනයන ඉපැයීම් ඉහළ ගිය අතර ආනයනය වියදම පහළ ගියේය. මේ අතර 2022 වසරේ මැයි මාසයේ දී සංචාරක පැමිණීම් පෙර මාසයට සාපේක්ෂව මන්දගාමී විය.

2022 වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව 2022 වසරේ මැයි මාසයේ දී සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඉහළ ගියේය. 2022 වසරේ මැයි මාසයේදී රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ සහ කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත විදේශ ආයෝජනයන්හි සුළු ශුද්ධ ලැබීම් වාර්තා විය. දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ මත වූ ද්‍රවශීලතා පීඩනය සැලකිල්ලට ගනිමින්, මහ බැංකුව විසින් 2022 වසරේ මැයි මාසයේ දී යම් ආනයන මත මුදල් ආන්තික අවශ්‍යතා පනවන ලද අතර රජය විසින් විවෘත ගිණුම් සහ භාණ්ඩ විකිණීමෙන් පසු මුදල් ගෙවීමේ පදනම මත සිදුකළ ආනයන මත සීමා පැනවීම වැනි අනෙකුත් ක්‍රියාමාර්ග හඳුන්වා දෙන ලදී.

මෙම පියවර මගින් අවිදිමත් විදේශ විනිමය වෙළෙඳපොළ ක්‍රියාකාරකම් සීමා කිරීමටත් නිල සහ අවිධිමත් වෙළෙඳපොළ විනිමය අනුපාතික අතර පරතරය අඩු කිරීමටත් බලාපොරොත්තු විය. මේ අතර, අන්තර් බැංකු වෙළදපොලේ බර තැබූ සාමාන්‍ය එතැන් විනිමය අනුපාතිකය මාසය තුළ දී එක්සත් ජනපද ඩොලරයට රුපියල් 359ක් ලෙස ස්ථාවරව පැවති අතර, මේ සඳහා දේශීය විදේශ විනිමය වෙළෙඳපොළේ පීඩනය කළමනාකරණය කිරීම සඳහා හඳුන්වා දුන් ක්‍රියාමාර්ග සහ වෙළෙඳපොළ මාර්ගෝපදේශ උපකාරී විය.

වෙළඳ භාණ්ඩ ශේෂය සහ වෙළෙඳ මිල අනුපාතය

වෙළඳ ශේෂය: අපනයනවල සැලකිය යුතු වර්ධනය වීම මෙන්ම ප්‍රධාන වශයෙන් ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග මත ආනයන මන්දගාමී වීම හේතුවෙන් වෙළෙඳ ගිණුමේ හිඟය, 2022 වසරේ මැයි මාසයේදී මාසික ලක්ෂ්‍යමය පදනම මත අඛණ්ඩව පස්වන මාසයටත්, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත අඛණ්ඩව තෙවැනි මාසයටත් පහළ යෑමක් වාර්තා කළේය. වෙළෙඳ ගිණුමේ හිඟය, 2021 වසරේ මැයි මාසයේ දී වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 716ක හිඟයට සාපේක්ෂව, 2022 වසරේ මැයි මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 404ක් දක්වා පහළ ගියේය. සමුච්චිත පදනම් මත, වෙළඳ ගිණුමේ හිඟය මෙම වසරේ දී ප්‍රථම වරට මැයි මාසයේ දී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම් මත පහළ ගියේය. ඒ අනුව, 2022 වසරේ ජනවාරි මාසයේ සිට මැයි මාසය දක්වා කාල පරිච්ඡේදය තුළ වෙළඳ හිඟය, 2021 වසරේ අනුරූප කාලපරිච්ඡේදය තුළ වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 3663ක සිට එක්සත් ජනපද ඩොලර් මිලියන 3535ක් දක්වා පහළ ගියේය.

වෙළෙඳ මිල අනුපාතය : අපනයන සහ ආනයන මිල ගණන් අතර අනුපාතය දැක්වෙන වෙළඳ මිල අනුපාතය, 2021 වසරේ මැයි මාසයට සාපේක්ෂව 2022 වසරේ මැයි මාසයේදී සියයට 18.5කින් කැපී පෙනෙන ලෙස පහල ගිය අතර, අපනයන මිල ගණන් ඉහළ යෑමට වඩා වැඩි වේගයකින් ආනයන මිල ගණන් ඉහළ යෑම මේ සඳහා හේතු විය.


RECENT ARTICLES - SINHALA

බිත්තර ආනයනය ගැන තීරණයක්

දේශීය බිත්තර මිල අඛණ්ඩව ඉහළ යාම පිළිබඳ අවධානය යොමු කරමින් බිත්තර ආනයනය කිරීමට අනුමැතිය දුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන්...

හොරණ වෙඩිතැබීමේ සිද්ධියට අදාළ යතුරුපැදිය හමුවෙයි

හොරණ - ග්‍රේස්ලන්ඩ්වත්ත ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයකුට වෙඩි තැබීමට වෙඩික්කරු පැමිණි බව කියන යතුරුපැදිය හල්කොළ පාර හොරණ ප්‍රදේශයේ පාලු ස්ථානයක අතහැර දමා ගොස් තිබියදී සොයා ගත් බව...

වීසා ගාස්තු වැඩි වීම නිසා අවාසි රැසක්

ශ්‍රී ලංකාව සංචාරක වීසා සඳහා අයකරන ගාස්තුව ඉහළ යෑම නිසා ඉදිරියේදී මෙරට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව සියයට 50 කින් පමණ අඩු වීමේ අවදානමක් ඇති බව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...