28 C
Colombo
Wednesday, May 22, 2024

කැටගොඩගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් විරෝධය

- Advertisement -

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ප්‍රජාතන්ත්‍ර විරෝධී පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් සිය විරෝධය පළකර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

එම පනත් කෙටුම්පත මඟින් මැතිවරණයක් නොපවත්වා විසුරුවා හරින ලද පළාත් පාලන ආයතන නැවත කැඳවීම සඳහා අවසර ඉල්ලා තිබෙනවා.

එම පෞද්ගලික මන්ත්‍රී යෝජනා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කර ඇති ජනතාවගේ පරමාධිපත්‍ය බලයට දැඩි තර්ජනයක් ඇති කරන බව සිය විශ්වාසය වන්නේ යැයි එම නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා ඇති බව සඳහන්.

”පළාත් පාලන මන්ත්‍රීවරු බිම් මට්ටමේ සිටින මහජන නියෝජිතයන්ය. එනිසා, පළාත් පාලන ආයතන තුළ ජනතා වරම නිවැරදිව පිළිබිඹු වීම සඳහා නියමිත කාලයට මැතිවරණ පැවැත්වීම අවශ්‍ය කරුණක්.

එපමණක් නොව, මෙම සංශෝධන නරක පූර්වාදර්ශයක් සපයයි. නීති රාමුව අවභාවිත කරමින් ජාතික මැතිවරණ පවා නිසි කලට නොපවත්වා සිටීමේ අවදානමක් මෙමඟින් ඇති විය හැකියි.

මෙය රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය කෙරෙහි ජනතාවගේ විශ්වාසය නැති වීමටත්, නීතියේ ආධිපත්‍යය කෙරෙහි ඍණාත්මක බලපෑම් ඇති කිරීමටත් හේතු වනවා.

එම නිසා මෙම සංශෝධන සම්මත කිරීමට දරන ඕනෑම උත්සාහයක් එකහෙලා පරාජය කළ යුතුයි. ඔබේ ඡන්ද අයිතිය වෙනුවෙන් ඉදිරියට පැමිණ, මෙම සංශෝධන වලට විරුද්ධවන්න”.

RECENT ARTICLES - SINHALA

ඩයනට එරෙහිව තවත් නඩුවක්

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. වැලිගම නගර සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම...

නිවාස වල උරුමකරුවන්ටත් ඔප්පු

අඩු ආදායම්ලාභී පවුල් 50,000කට හිමිකම් ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙල යටතේ නිවාස වල පූර්ණ අයිතිය පැවරීමේ දී මුල් ප්‍රතිලාභියා මරණයට පත්ව ඇත්නම් දැනට නිවසේ පදිංචි...

වෙඩි තැබීමකින් අයෙක් රෝහලේ

පදවිය ඕමාරකඩ ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් පාදයට බරපතල තුවාල සිදුවූ පුද්ගලයකු අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා. මෙලෙස වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ පදවිය,...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

ඩොලරයේ වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (20) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව පසුගිය සතියට සාපේක්ෂව අද දින ඩොලරයේ ගැනුම් සහ විකුණුම්...

ඉන්දියාවෙන් ලංකාවට එන අලුත්ම පෙට්‍රල් වර්ගය

Indian Oil සමාගම ඉතිහාසයේ පළමු වරට ඔක්ටේන් 100 සුපිරි වර්ගයේ පෙට්‍රල් තොගයක් ශ්‍රී ලංකාවට අපනයනය කර ඇති බවට වාර්තා වනවා. පසුගිය මැයි 18 වනදා මුම්බායේ...