26.6 C
Colombo
Wednesday, May 15, 2024

ඉන්දීය ක්‍රිකට් ලොක්කන් දෙන්නෙක්ට ලංකාවෙන් පිටවීම තහනම්  

- Advertisement -

මේ වනවිට මෙරට දී පැවැත්වෙන ‘ලෙජන්ට් ක්‍රිකට් කුසලාන 2024′ තරගාවලියේ දී තරග පාවාදීමට ක්‍රීඩකයින්ට බලපෑම් කළ සිද්ධියක් වාර්තා වනවා.

ඒ, අනුව එලෙස බලපෑම් එල්ල කළ ඉන්දීය ජාතික ක්‍රිකට් කළමණාකරුන් දෙදෙනෙකුට රටින් පිටවීම තහනම් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය ඉදිරිපත් කළ පැමිණිලි දෙකක් සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කර තිබෙනවා.

ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ලෙජන්ට් තරග ක්‍රිඩක උපුල් තරංග සහ නවසීලන්ත ක්‍රිඩක නේල් ට්‍රෙවර් බෲට් කරන ලද පැමිණිලි අනුව විමර්ශනය ඒකකය ගොනු කළ පැමිණිලි සලකා බැලීමෙන් පසුව මෙන්ම තහනම නිකුත් කරනු ලැබුවා.

ඉන්දියානු කළමනාකරුවන් ලෙස කටයුතු කරන යෝනී පටෙල් සහ ඔහුගේ සහායෙකු යැයි කියන පැචලෝඩියා ආකාශ් සැකකරුවන්ට පැනවූ මෙම තහනම මාසයක් බල පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.
 
මෙම තරගාවලියේදී ක්‍රිකට් කණ්ඩායම 7ක් තරග වදින අතර, ලබන 19 දින අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතයි.

ලීග් කණ්ඩායම් වන රාජස්තාන් කිංස්, ඩෙල්හි ඩෙවිල්ස්, පන්ජාබ් රෝයල්, කැන්ඩි වොරියර්ස්, කළම්ඹු ලයන්ස්, නිව්යෝර්ක් සුපර්ස්ටාර් ස්ට්‍රයිකර්ස් සහ ඩුබායි ජයන්ට්ස් ය‍න කණ්ඩායම් තරඟ වදින අතර, පංජාබ් රෝයල් සහ කෑන්ඩි  වොරියර්ස් කණ්ඩායම් සඳහා මෙම බලපෑම් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් දූෂණ විරෝධී ඒකකයට සහ තරගාවලියේ සංවිධායකයින්ට පැමිණිලි ලැබී ඇති අතර, මෙම තරඟ පාවා දීම්වලට සම්බන්ධව තවත් පුද්ගලයින් සිටීද යන්න පිළිබඳව විමර්ශන සිදු කරන බව ක්‍රීඩා වැරදි වැළකීමේ විශේෂ ඒකකය කරුණු වාර්තා කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලි ද, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද දැනුවත් කර ඇති බව සඳහන් වනවා.

RECENT ARTICLES - SINHALA

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වැඩවර්ජනය දැඩි කෙරේ

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් ආරම්භ කළ වැඩවර්ජනය අද (15) සිට දැඩි කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සුබවාදී ප්‍රතිචාරයක් රජය පාර්ශ්වයෙන් ලබා නොදීම හේතුවෙන්. විශ්වවිද්‍යාල...

මන්ත්‍රීවරුන්ගේ ඉල්ලිමකට කතානායක බෑ කියලා

මන්ත්‍රීවරුන් තම පවුල්වල සාමාජිකයන්ටත් රක්ෂණ ආවරණය ලබාදෙන ලෙස පසුගිය සිකුරාදා (10) පැවැති පාර්ලිමේන්තු ගෘහ කාරක සභා රැස්වීමේදී දැඩිව ඉල්ලීම් කර තිබුණා. එහිදී අදහස් දක්වා ඇති...

ෂාෆ්ටර්ගේ ඝාතනය ගැන පුළුල් විමර්ශනයක්

කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනයට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දී තිබෙනවා. ඒ ඊට...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...

ගෝඨාට පැනලා යන්න උදව් කළේ ජනතාවගේම හොඳට – මොහොමඩ් නෂීඩ්

පසුගිය අරගලය සමයේ මහජන විරෝධය මැද රටින් පළා ගිය එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ ඔහුගේ බිරිඳට මාලදිවයින් රාජ්‍ය තුළ තාවකාලික රැකවරණය සැපයීමට තමා කටයුතු...