30.2 C
Colombo
Saturday, April 27, 2024

අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් දෙන්නෙක් පැනල ගිහින්

- Advertisement -

අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිරකඳවුරෙහි මහජනතාවට විවෘත කර ඇති ආපනශාලාවේ සේවය කළ සිරකරුවන් දෙදෙනෙකු අද (29) දහවල් එම ස්ථානයෙන් පළා ගොස් තිබෙනවා.

බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ ඉන් එක් සැකකරුවකු අනුරාධපුර ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ හා අනෙක් සැකකරු කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව‍යි.

මොවුන් දෙදෙනා පැළඳ සිටි බන්ධනාගාර ඇඳුම් ඉවත් කොට වෙනත් ඇඳුම් ඇදගෙන මෙසේ පළා ගොස් ඇති බවද වාර්තා වෙනවා.

පළා ගිය සිරකරුවන් සොයා අනුරාධපුර බන්ධනාගාර නිලධාරීන් සහ පොලීසිය මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

නිදහස් පක්ෂෙ නියෝජිතයෝ කවුද කියන එක ජනතාවට දැන් ප්‍රශ්නයක් – මල්වතු මහනාහිමි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සැබෑ නියෝජිතයන් කවුද යන්නදැන් ජනතාවට ප්‍රශ්නයක් වී ඇති බව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුංමගල මහනාහිමියන් පවසනවා. උන්වහන්සේ පවසා...

වෘත්තිකයන් රට හැර යෑම ආර්ථික වර්ධනයට ප්‍රධාන බාධාවක් – මහ බැංකුව

ජනගහනය වයස්ගත වීමත් සමඟඉහළ නිපුණතා සහිත වෘත්තිකයන් ඇතුළු මානව ප්‍රාග්ධනය රටෙන් ඉවතට ගලා යෑම ආර්ථිකය යථාතත්ත්වයට පත්වීමේ ක්‍රියාවලිය සඳහා පවතින ප්‍රධාන අවදානමක් බව මහ...

ශ්‍රී පාද නල්ලතන්නිය නගරයට මත්පැන් බලපත්‍රයක්

නල්ලතන්නිය ශ්‍රි පාද බෞද්ධ මධ්‍යස්ථානය යාබදව සංචාරක මණ්ඩලයේ අනුමැතිය සහිතව සංචාරක හෝටලයක මත්පැන් අලෙවිසැලක් විවෘත කිරිමට සුදානමක් ඇති බව නල්ලතන්නිය ප්‍රදේශවාසින් පවසනවා. සංචාරක මණ්ඩලයේ අනුමැතිය...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...