29 C
Colombo
Sunday, June 4, 2023

රුසියාවේ ලෙනින් වගේ නෙවෙයි ලංකාවේ ස්ටාලින් – ජොන්ස්ටන්

- Advertisement -

ගුරු වෘත්තීය සමිති නායකයන් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරමින් සිටින බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා.

ජනාධිපතිවරයා විසින් ගුරු වැටුප් විෂමතාවයට විසඳුම් ලබාදෙන බව දැන දැනම ඔවුන් තවදුරටත් විරෝධතාවයේ නිරතවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ මහාමාර්ග අමාත්‍යංශයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත සිය අදහස් දක්වමින්.

රුසියාවේ ලෙනින් හොඳම දේ දරුවන්ට යැයි ප්‍රකාශ කළද ශ්‍රී ලංකාවේ ස්ටාලින් දරුවන්ගේ අධ්‍යාපන කඩාකප්පල් කරන බවයි ඔහු පවසන්නේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“මේ සියයට තුනේ පක්ෂය දරුවන්ගෙ අධ්‍යාපනය කඩාකප්පල් කරපු පලවෙනි අවස්ථාව නෙවෙයි. ඉතිහාසයේ කැරලි ගහලා කීදෙනෙක් විනාස කළාද ? විදුහල්පතිවරු විශ්වවිද්‍යාල ආචාර්යවරු ගුරුවරු විශ්ව විද්‍යාල සිසුන් පාසැල් සිසුන් කීදෙනෙක් මරලා දැම්මද. බලහත්කාරයෙන් ශිෂ්‍යයින් ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාරයට අරන් ගිහින් නැති කලාද. දෙමාපියන් කී දෙනෙක්ට දරුවන් නැති කලාද. දරුවන් කී දෙනෙකුට දෙමාපියන් නැති කලාද. ඒ කාලෙ මිනී කන්නන්ගේ දේශය කියලා අන්වර්ථ නාමයකුත් හැදිලා තිබ්බනෙ.

ජනාධිපතිතුමා අගමැතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව ගුරු වැටුප් විෂමතාවලට විසදුම් ලබාදෙනවා කියලා පැහැදිලිව කිවුවා. මේ වැටුප් විෂමතා ප්‍රශ්නය වසර විසිහතරක් තිස්සේ තිබුණු ගැටලුවක්. මේ ආණ්ඩුව තව වසර හතරක් තියෙනවා ඊට පස්සෙ එන්නෙත් අපිම තමයි අපි මේ ගැටළු විසඳනවා. වෙන ආණ්ඩුවකට ඉතිරි කරන්නෙ නෑ මේ ප්‍රශ්නය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ ගැටළුවට විසඳුම් දෙනවා කියලා දැන දැනත් මේ වෘත්තීය සමිති පාරට බහිනවා. ඒ මේ ගැටළුවලට විසඳුම් ලැබුණෙ ඔවුන් කියලා පෙන්නන්න.

පහුගිය යහපාලන කාලෙ කටක් ඇරියෙ නෑ. මෙහෙම පාරට බැස්සෙත් නෑ. දන්නවා ඒ ආණ්ඩු කාලෙ කිසිම දෙයක් කර ගන්න බෑ කියලා. හැබැයි අපේ ජනාධිපතිතුමා විසඳුම් දෙන්න හදනකොට මෙන්න පාරට බැහැලා කොවිඩ් අස්සෙ බෝඩ් එල්ලගෙන. මතක තියා ගන්න මේ වෘත්තීය සමිතිවත් සියයට තුනේ අයවත් හින්දා නෙවෙයි ගුරු ප්‍රශ්නෙට විසඳුම් දෙන්නෙ. කොවිඩ් වසංගතයෙන් ලෝකෙම බැටකාලා ඉන්නකොට කිසිම වගකීමක් නැතුව පාරට බැහැලා විසඳුම් පෙනි පෙනී උද්ඝෝෂණය කරන එක ඉතාමත්ම නරක දෙයක් කියලා දකින්නෙ.

මේ විදියට ගුරුවරු පාරට බස්සලා වෘත්තීය සමිති හා සියයට තුනේ පක්ෂය කරන්නෙ රටේ ලක්ෂ 220 ක් වූ සමස්ත ජනතාවම අනතුරේ හෙලන එක. මේ අය හදන්නෙ හතරවෙනි රැල්ලක් හදන්න. රට විවෘත කරන්න යනකොටම පටන් ගන්නවා උද්ඝෝෂණ. ඊට පස්සෙ කොවිඩ් හදාගෙන ඒවා ගෙදරට ගෙනියලා දරුවන්ටත් බෝ කරලා සමාජෙටත් පතුරවලා රටටම බෝ කරලා ආණ්ඩුවට බනින එක කරන්නෙ. එහෙම කරන්න එපා රටක් විදියට හිතන්න පක්ෂවල වෘත්තීය සමිතිවල ගොඩ වැඩි කර ගන්න බලන්නෙ නැතුව.

කොවිඩ් වසංගත තත්වය නිසා ලෝකයම අමාරු අවස්ථාවක ඉන්නකොටත් අපි ගුරුවරුන්ගේ වේතන ගෙව්වා, දීමනා දුන්නා, රජයේ සේවකයින්ගේ වේතන දුන්නා. ලංකාවෙ දරුවන්ගෙ අධ්‍යාපනය, අනාගතය ප්‍රාණ ඇපයට අරගෙන පටු දේශපාලනය කරන්න එපා කියලා මේ වෘත්තිය සමිතිවලටයි මේවාට උඩගෙඩි දෙන දේශපාලන පක්ෂවලටයි මතක් කරන්න කැමතියි. දෙමාපියන්ගෙ ලොකුම හීනෙ දරුවන්ට හොද අධ්‍යාපනයක් ලබා දෙන එක. ඒ ලස්සන් හීනෙට දේශපාලන පටු අරමුණු කියන තුවක්කුවලින් වෙඩි තියලා විනාශ කරන්න එපා කියලා මම කියන්න කැමතියි.

ඇත්තටම මේ වගේ වෙලාවක පොදිකකා උද්ඝෝෂණය කරන්න අවශ්‍ය නෑ. ඒ වෙලාවත් දරුවන්ගෙ අධ්‍යාපනය වෙනුවෙන කැප කරනවා නම් ඒක වෘත්තිය සමිති වගේම මේ උද්ඝෝෂණ පිටිපස්සෙ ඉන්න දේශපාලන පක්ෂ කරගන්න ලොකු පිනක්. රුසියාවේ ලෙනින් දරුවන්ට හොඳම දේ දෙන්න කිවුවා. ලංකාවේ ස්ටාලින් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරනවා.”

RECENT ARTICLES - SINHALA

කෝටි 35ක මැණික සොරකම් කළ පුද්ගලයා අත්අඩංගුවට

මීගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකින් සොරකම් කරන ලද රුපියල් කෝටි 35 ක් පමණ වටිනා බව කියන මැණිකක් සහ රුපියල් ලක්ෂ 27 ක් පමණ...

දිස්ත්‍රික්ක තුනකට අවදානම් නිවේදන

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල, ගාල්ල සහ  කලුතර...

හොරුන්ගෙන් යැපෙන ජනාධිපති හොරු අල්ලන්නේ නෑ – සජිත්

හොරුන්ගෙන් යැපෙන නායකයෙකුට හොරු ඇල්ලීම සිදුකල නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ, උදාවක ඇරඹුම වැඩසටහන යටතේ තිස්සමහාරාම...

RECENT ARTICLES - ENGLISH

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...