32 C
Colombo
Monday, May 6, 2024

ඉරානය එක්ක ගනුදෙනු එපා, ඇමරිකාවෙන් තරවටුවක්

- Advertisement -

ඉරානය සමග වෙළෙඳ ගනුදෙනු සිදුකරන රටවල්වලට එරෙහිව සම්බාධක පැනවීමේ අවදානමක් ඇතැයි අමෙරිකාව අද (24) අනතුරු අඟවා තිබෙනවා.

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි පාකිස්තානයේ දින 3ක සංචාරය අද (24) නිමකර ශ්‍රී ලංකාව බලා පිටත් වීමෙන් පසුව අමෙරිකාව මෙම අනතුරු ඇඟවීම නිකුත් කර තිබුණා

මීට සතියකට පෙර ඉරානය ඊශ්‍රායලයට ගුවන් ප්‍රහාර දියත් කිරීමෙන් අනතුරුව සහ සිකුරාදා ඊශ්‍රායලය විසින් ඉරානයට යළිත් ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව හටගත් මැද පෙරදිග ගැටුම්කාරී තත්වය එලෙසින්ම පවතින පසුබිමක ඇමෙරිකාවෙන් මෙම අනතුරු ඇඟවීම නිකුත් කර තිබීම විශේෂත්වයක්.

ඉරාන ජනාධිපතිවරයාගේ සංචාරය අතරතුරදී පාකිස්තානය සහ ඉරානය අතර අවබෝධතා ගිවිසුම් 8ක් අත්සන් කෙරුණු අතර දෙරට අතර වෙළෙඳාම ඩොලර් බිලියන 10ක් දක්වා වැඩිකිරීමට ද ඉන් යෝජනා කර තිබුණා.

ඉරාන ජනපතිවරයා සඳුදා (22) පාකිස්තානයට පැමිණි අතර දෙරට අතර පැවති ගැටලු නිරාකරණය කර ගැනීම ඔහුගේ සංචාරයේ එක් ප්‍රධාන අරමුණක් බව සඳහන්.

මෙම වසර මුලදී ඉරානය සහ පාකිස්තානය එකිනෙකාට ප්‍රහාර එල්ලකර ගනු ලැබුවා.


RECENT ARTICLES - SINHALA

ඊශ්‍රායලයේ Al Jazeera මෙහෙයුම් නවතා දමයි

කටාර් රාජ්‍යයට අයත් 'අල් ජසීරා' නාලිකාවේ මෙහෙයුම් ඊශ්‍රායලය තුළ නවතා දැමීමට ඊශ්‍රායලය අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව විදෙස් මාධ්‍ය...

VFS ආයතනය ඉන්දීය ආයතනයක් නෙවෙයි- ටිරාන් අලස්

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරිශ්‍රයේ වීසා නිකුත් කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් මතභේදයට තුඩු දී ඇති VFS ආයතනය ඉන්දීය ආයතනයක් නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන්...

අභිරහස් ලෙස මිය ගිය පුද්ගල මළ සිරුරක් හමුවෙයි

ආගරපතන පොලිස් වසමට අයත් ටොරින්ටන් වතුයායට ඉහලින් පිහිටි රක්ෂිතයක හදුනා නොගත් නිරුවත් පුද්ගල මළ සිරුරක් ඊයේ (05) හමුවු බව ආගරපතන පොලිසිය පවසනවා. එම රක්ෂිතයේ දැර...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...