31 C
Colombo
Tuesday, November 29, 2022

කතරගම වල්ලිඅම්මා දේවාලය වසයි – මුඛ ආවරණ නොපැළඳි ප්‍රධාන කපු මහතාට කොරෝනා

- Advertisement -

කතරගම පූජා භූමියේ පිහිටි වල්ලි අම්මා කෝවිලේ ප්‍රධාන කපු මහතාට හා ඔහුගේ බිරිඳට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව ඊයේ (26) සවස තහවුරු වූ බව මොණරාගල දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති, කතරගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් දිසානායක මහතා පැවසීය.
ඒ අනුව විෂබීජහරණය කිරීමෙන් පසු බැතිමතුන්ට දේවාලය විවෘත කරන තෙක් ඊයේ (26) සිට දේවාලය තාවකාලිකව වසා තැබීමට කටයුතු කර තිබේ.
ගෙවුණු සති දෙකක කාලය තුළදි පමණක් කතරගම ප්‍රදේශයෙන් කොවිඩ් 19 ආසාදිතයන් 23 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඉන් 18 දෙනෙකුම කතරගම ප්‍රදේශයේ අවමගුලකට සහභාගි වීම හේතුවෙන් ආසාදිතයන් බවට පත්වූවන් බවද සමන් දිසානායක මහතා සඳහන් කළා.
පුදපූජා කටයුතු සිදුකරන අවස්ථා තුළදී කපු මහතා මුඛ ආවරණ පැළඳ නොසිටීම හේතුවෙන් ඉකුත් සති දෙකක කාලය තුළදී වල්ලි අම්මා කෝවිලේ පුදපූජා සඳහා පැමිණි බැතිමතුන් සහ කපු මහතා හා ඔහුගේ බිරිඳ සමග සමීප සබඳතා පැවැත්වූ යම් අයෙකු වේ නම්, ඔවුන් ළඟම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට ගොස් දැනුම් දෙන ලෙසද කතරගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඉල්ලා සිටියි.

RECENT ARTICLES - SINHALA

ඉලෝන් මස්ක් ළඟත් මහින්දගේ වශී බෝලයක්

ලොව ධනවත්ම පුද්ගලයා වන ඉලෝන් මස්ක් සිය නිල ට්විටර් ගිණුමේ තමන්ගේ නිදන කාමරයේ ඇඳ අභියස ඇති දෑ පිළිබදව ඡායාරූපයක් පලකර තිබෙනවා.

අදත් ගාලු මුවදොරෙන් පිරිමි මළ සිරුරක් හමුවෙයි

0
ගාලු මුවදොර පිටියේ කොඩි කණුව අසල තිබී පිරිමි මළ සිරුරක් හමුව තිබෙනවා. පොලීසිය කියා සිටියේ එම මියගොස් සිටින පුද්ගලයා...

අරලියගහ මන්දිරයට අනවසරයෙන් ඇතුල් වූ තවත් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට

0
අරලියගහ මන්දිර පරිශ්‍රයට ඇතුළු වී කලහකාරී ලෙස හැසිරුණු බවට සැකපිට කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය...

RECENT ARTICLES - ENGLISH

Doctors’ retirement age: Cabinet issued notices to appear before the Court

0
The Court of Appeal today issued notices to the Cabinet to appear before the Court over the decision to set the compulsory...

Immigration Department instructed to provide documents related to MP Diana Gamage’s citizenship

0
The Court of Appeal instructed the Controller General of Immigration and Emigration to submit documents related to State Minister Diana Gamage's citizenship.

Relief for electricity bill of Sri Dalada Maligawa

0
A relief has been given to the massive Rs. 2.7 million electricity bill of Sri Dalada Maligawa. Earlier, Diyawadana...