30.3 C
Colombo
Friday, April 26, 2024

ප්‍රවීණ සංගීතවේදී ලක්ෂ්මන් විජේසේකර දිවියෙන් සමුගනියි

- Advertisement -

මෙරට සංගීත ක්ෂේත්‍රයේ ආදරණීය නාමයක් වන ලක්ෂමන් විජේසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 73 හැවිරිදි වියේ පසු වූ ඔහු දිගු කලක් පුරාවට අසනීප තත්වයේ පසුවුණා.

සංගීතවේදියකු මෙන්ම රංගන ශිල්පියෙකු වන ලක්ෂමන් විජේසේකර මහතා ‘ගංඟා හා නිශ්ශංක’ ටෙලි නාට්‍යයේ සිදුකල රංගනය හේතුවෙන් ප්‍රේක්ෂකයන්ගේ වැඩි ආදරයක් දිනාගත්තා.

දැල් වු පහන්, ඇති දේ ඇති සැටියෙන්, සිනා පිපෙනා මේ වසන්තය, ඔබ මට තරුවකි, දෑත දෙපාලන ගිගිර සරින්, සුපෙම් හැඟුම් ඔබෙන් එපා, මේ ප්‍රේම සීමා මාලකේ, සඳ කිණිති නැමී ආදි ගීත හේතුවෙන් රසිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වුණා.

ඔහුගේ බිරිද වන ප්‍රවීණ රංගන ශිල්පිනී චන්ද්‍රා කළුආරච්චි මහත්මිය 2019 වසරේ නොවැම්බර් 01 වනදා අභාවප්‍රාප්ත වුණා.

රංගන ශිල්පිනි අමා විජේසේකර මහත්මිය ලක්ෂ්මන් විජේසේකර මහතාගේ දියණිය වන අතර දේශපාලඥයෙකු මෙන්ම ලේඛකයෙකු වන විමල් කැටිපෙආරච්චි මහතා ඔහුගේ බෑණනුවන් වනවා.

2014 වසරේ දෙසැම්බර් මස 29 වනදා තඹුත්තේගම ප්‍රදේශයේදී ලක්ෂ්මන් විජේසේකර මහතා හට පහරදීමක් සිදුවුණා.

ඒ එවක පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය දැක්වීමේ ප්‍රචාරක කටයුත්තකට සහභාගී වූ නිසාවෙනි.

අභාවප්‍රාප්ත සංගීතවේදී ලක්ෂ්මන් විජේසේකර මහතාගේ දේහය මහජන ගෞරවය සදහා හෙට (13) දින ගල්කිස්ස කලාපුරයේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තිබෙනවා.

දේහය පිළිබඳ අවසන් කටයුතු එළැඹෙන ඉරිදා (14) ගල්කිස්ස පොදු සුසාන භුමියේ දී සිදු කිරීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

දුම්රියට ගොඩ වෙන්න හැදූ දෙදෙනෙක් අනතුරක

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී දුම්රියකට ඇතුළු වීමට උත්සාහ කළ  පුද්ගලයන් දෙදෙනෙකු අනතුරකට ලක්ව තිබෙනවා. කොළඹ කොටුව සිට මහනුවර බලා ධාවනය වීමට නියමිත දුම්රිය වේදිකාවේ නැවැත්වීමට...

ගාසා ළමා අරමුදලට මුදල් පරිත්‍යාග රැසක්

ගාසාහි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund)...

අපරාධවලින් ඉපයූ ධනය යළි අය කරගන්න නීතියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...