32 C
Colombo
Friday, March 31, 2023

ගෝඨා ඉල්ලා අස්වෙනකන් බලන් ඉන්න එක විකාරයක් – ජනතා විමුක්ති පෙරමුණ

- Advertisement -

ජනාධිපතිවරයා සිය වගකීම පැහැර හැර රටින් පලා ගොස් ඇති බැවින් ඔහු ඉල්ලා අස්වන තෙක් බලා සිටීම විකාර සහගත බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

අද (14) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ප්‍රකාශ කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නව ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමට පාර්ලිමේන්තුවට අයිතියක් ඇති බවයි.

ජනාධිපතිවරයා සිය ඉල්ලා අස්වීම නිල වශයෙන් ඉදිරිපත් නොකර රටින් පලා ගියේ නම් එය එම ධුරයෙන් ඉවත්වීමක් ලෙස උපකල්පනය කළ හැකි බව ඔහු පවසනවා.

ටියුනීසියානු ජනාධිපති බෙන් අලි සිය ඉල්ලා අස්වීම නිල වශයෙන් ප්‍රකාශ නොකර රටින් පලා යාම මීට සමාන සිදුවීමක් බව ඔහු පෙන්වා දෙනවා.

විජිත හේරත් මන්ත්‍රීවරයා පැවසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව කථානායකවරයාට සහ අගවිනිසුරුවරයාට පාර්ලිමේන්තුව හරහා නව ජනාධිපතිවරයෙකු පත්කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගත හැකි බවයි.

එමෙන්ම රට යථා තත්ත්වයට පත් කිරීමට නම් ජනාධිපති සහ අගමැති යන දෙදෙනාම ඉල්ලා අස්විය යුතු බව ඔහු වැඩිදුරටත් සදහන් කරනවා.


RECENT ARTICLES - SINHALA

ජල සම්පාදන මණ්ඩලය දැඩි මූල්‍ය ගැටලුවක

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ මාස කිහිපයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40,000කට අධික සංඛ්‍යාවක ජල සබඳතා විසන්ධි කිරීමට සිදුව ඇති බවයි.

කොල්ලුපිටියේදී 18 හැවිරිදි සිසුවෙක් පොලිස් නිලධාරියෙක් යටකර පළායයි

කොල්ලුපිටිය මුහුදු මාවත ප්‍රදේශයේ කාල්විල් හන්දියේ රථවාහන රාජකාරීවල යෙදී සිටි    පොලිස් නිලධාරියෙකුව එම ස්ථානය පසුකර ගිය වෑන් රථයක් යටකර පළාගොස් තිබෙනවා.

මිරිහානේ ආරක්ෂාව තර කරයි – හේතුව මෙන්න

0
අරගලය ආරම්භ කර වසරක් ගත වීම නිමිත්තෙන් අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයන් මිරිහාන ජුබිලි කණුවේ පැවැත්වීමට නියමිත සැමරුම් උත්සවය හේතුවෙන් මිරිහාන පොලීසිය වෙත පොලිස්...

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...