30.2 C
Colombo
Saturday, April 27, 2024

වනිදු හා ධනංජය එක්ව මිලියන 22කගේ ලෝක කුසලාන බලාපොරොත්තුව රැක දෙයි

- Advertisement -

ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගේනිස්ථාන අතර අද (01) පැවැති තරඟයෙන් ශ්‍රී ලංකාව කඩුලු 6ක තියුණු ජයක් ලබා ගැනීමට සමත් වුණා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගේනිස්ථාන කණ්ඩායමේ නායක මොහොමඩ් නබී තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.

ඒ අනුව පිටියට පිවිසි ඇෆ්ගේනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8කට ලකුණු 144ක් ලබා ගැනීමට සමත් වුණා.

ඇෆ්ගේනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් Rahmanullah Gurbaz ලකුණු 28ක් සහ Usman Ghani ලබාගත්තා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වනිදු හසරංග ලකුණු 13කට කඩුලු 3ක් දවා ගත් අතර ලහිරු කුමාර ලකුණු 30කට කඩුලු දෙකක් දවා ගත්තා.

ලකුණු 145ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 3කදී ලකුණු 148ක් ලබා ගැනීමට සමත් වුණා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ධනංජය ද සිල්වා පන්දු 46කදී ලකුණු 66ක් ලබා ගත් අතර ඊට හයේ පහර 2ක් සහ හතරේ පහර 6ක් ඇතුළත් වුණා.

තරඟයේ වීරයා සම්මානය දිනාගත්තේ කඩුලු 3ක් බිඳ හෙලු වනිදු හසරංගයි.

මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන විස්සයි විස්ස තරඟාවලියේ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු සහිතව ලබන සෙනසුරාදා සිඩ්නි හිදී එංගලන්තයට එරෙහිව තරඟ වැදීමට නියමිතයි.

කෙසේ වෙතත් අද (01) ලැබූ පරාජය සමඟ ඇෆ්ගේනිස්ථාන කණ්ඩායම තරඟාවලියෙන් ඉවත් වීමට සිදුවනවා.

RECENT ARTICLES - SINHALA

තායිවානයට යළිත් ප්‍රබල භූකම්පනයක්

තායිවානයේ, හුවාලියන් ප්‍රදේශයේ ප්‍රබල භූකම්පනයක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබලත්වයක් සටහන් කරමින් එම භූකම්පනය සිදුව ඇති බවයි. භූකම්පනය...

ශ්‍රී පාද නල්ලතන්නිය නගරයට මත්පැන් බලපත්‍රයක්

නල්ලතන්නිය ශ්‍රි පාද බෞද්ධ මධ්‍යස්ථානය යාබදව සංචාරක මණ්ඩලයේ අනුමැතිය සහිතව සංචාරක හෝටලයක මත්පැන් අලෙවිසැලක් විවෘත කිරිමට සුදානමක් ඇති බව නල්ලතන්නිය ප්‍රදේශවාසින් පවසනවා. සංචාරක මණ්ඩලයේ අනුමැතිය...

දුම්රිය ආසන වෙන් කිරීමත් අවුලක

අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ආසන වෙන් කිරීමේ අර්බුදය විසඳීමට බලධාරීන් මේ වනතෙක් පියවර ගෙන නොමැති බවට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති සුමේධ සෝමරත්න මහතා...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...