29 C
Colombo
Saturday, May 4, 2024

වනිඳුගේ ආබාධය සුව අතට

- Advertisement -

ආබාධයකට ලක්ව සිටින ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංගගේ ශල්‍ය කර්මය සාර්ථකව සිදු කර ඇති බව වාර්තා වෙනවා.

ෆේස් බුක් සටහනක් තබමින් තමාගේ මාංශපේශී ආබාධය පිළිසකර කිරීමේ ශල්‍යකර්මය සාර්ථකව නිම කර ඇති බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

මෙම සටහනෙන් ඔහුගේ ශල්‍ය කර්මය සිදු කළ වෛද්‍ය කාර්යය මණ්ඩලයට මෙන්ම දුෂ්කර කාල වකවානුවක් තුළ ඔහු සමඟ රැඳී සිටි සැමට ස්තූතිය පළ කිරීමටද ඔහු අමතක කර නැහැ.

මම ටික කලකට ක්‍රීඩාවෙන් ඉවත් වුණත් නැවතත් ශක්තිමත්ව රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා, යනුවෙන් ඔහු පවසනවා.     

LPL තරඟාවලිය අතරතුරදී පාදයේ ආබාධයකට ලක්වූ වනිඳු හසරංගට ආසියානු කුසලාන තරඟාවලියටද එක්වීමට අවස්ථාව හිමි වූයේ නැහැ.

මේ දිනවල පැවැත්වෙන එක් දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට ඔහුගේ සහභාගීත්වය අවිනිශ්චිතව පැවතුණත් පසුව වෛද්‍ය වාර්තා අනුව ඔහුට ඒ සඳහා ක්‍රීඩා කළ නොහැකි බව තීරණය කර තිබුණා.  

RECENT ARTICLES - SINHALA

කැකිරාවේ කිරි සමාගමකට සීල් තියලා

මිනිස් පරිභෝජනයට නුසුදුසු අයුරින් නිෂ්පාදන කටයුතු පවත්වාගෙන ගිය මරදන්කඩවල කිරි ආශ්‍රිත නිෂ්පාදන ආයතනයක නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවා එම කර්මාන්ත ශාලාවට මුද්‍රා තැබීමට කැකිරාව සෞඛ්‍ය...

බන්ධනාගාර තුනකට ජංගම අධිකරණ

මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ මුල්‍යමය දායකත්වය මත ඉදිරිකරන ලද ජංගම අධිකරණ පද්ධතිය ඊයේ (03)...

අවාරයේ සිරිපා කරුණා කරන්න යන අයට දැනුම් දීමක්

අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීමට විදේශිකයන්ට පමණක් අවසර දීමටත් දේශිය සංචාරකයන් හෝ වෙනත් පුද්ගලයන් කිසිවකුටත් අවාරයේ කිසිදු මාර්ගයක් ඔස්සේ ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට අවසර...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...