27.8 C
Colombo
Friday, April 26, 2024

ඉම්රාන් ඛාන්ගෙන් ඉන්දියාවට සහතිකයක්

- Advertisement -

ඉන්දියාව සහ එක්සත් ජනපදය අතර පවත්නා ආකාරයටම එක්සත් ජනපදය සහ පාකිස්තානය අතර ගෞරවනීය සබඳතාවක් පැවතීම තමාට අවශ්‍ය බව පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් ප්‍රකාශ කර තිබේ.

එක්සත් රාජධානිය පදනම් කරගත් ප්‍රකාශනයක් වන ෆිනෑන්ෂල් ටයිම්ස් සමඟ මෑත සම්මුඛ සාකච්ඡාවකදී ඛාන් ප්‍රකාශ කළේ ඉන්දියාවට එක්සත් ජනපදය සමඟ ඉතා ගෞරවනීය සම්බන්ධතාවයක් ඇති බවයි.

තමාට මූලික වශයෙන් අවශ්‍ය වන්නේ ඉන්දියාව සමග මෙන් පාකිස්තානයට එක්සත් ජනපදය සමඟ ගෞරවනීය සම්බන්ධතාවයක් පවත්වා ගැනීම බව ඔහු එහිදී පැවසීය.

ඔහුගේ මෙම ප්‍රකාශය පැමිණෙන්නේ මාස කිහිපයකට පෙර තමා අගමැති ධුරයෙන් ඉවත් කිරීමට එක්සත් ජනපදය කුමන්ත්‍රණය කළ බවට ඛාන් කළ ප්‍රකාශයත් සමගයි.

පවතින යුද්ධය නොතකා රුසියානු තෙල් ආනයනය කිරීමට ඉන්දියාව ගත් තීරණය උපුටා දක්වමින් , ඉන්දියාව එක්සත් ජනපද ඉල්ලීමට ඉඩ නොදී එහි ජනතාවට ප්‍රමුඛත්වය දෙන බව ඉම්රාන් ඛාන් සදහන් කර ඇත.

පාකිස්තානය එක්සත් ජනපදය සමඟ හවුල්කරුවන් වීමට අවශ්‍ය නමුත් පාකිස්තානයට ඔවුන්ගේ තීරණ වෙනුවෙන් ඉඩ දිය යුතු අවස්ථා තිබිය යුතු බව ඔහු පැවසීය.

ඉස්ලාමාබාද් සහ වොෂින්ටනය අතර සබඳතාව “ස්වාමියා-සේවකයෙකුට” සමාන බවත් පකිස්තානය “කුලියට ගත් තුවක්කුවක්” ලෙස භාවිතා කර ඇති බව පවසමින් ඛාන් පසුගිය රජයන්ට දොස් පවරා තිබේ.

එක්සත් ජනපදය සමඟ පාකිස්තානයේ සබඳතාව ස්වාමි-සේවක සබඳතාවක් හෝ ස්වාමි-වහල් සම්බන්ධතාවයක් ලෙස පැවතුන බවත් ඒ සඳහා තමන් එක්සත් ජනපදයට වඩා තමාගේම ආණ්ඩුවලට දොස් පවරන බවත් ඔහු සදහන් කර ඇත.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අරගලයේ වෙනස අපි පටන් ගන්න සුදානම්-නාමල්

අරගල සමයේ සටන් පාඨය බවට පත්වූ ක්‍රම වෙනසක් ඇති කිරීම සිය පක්ෂය තුළින්ම ආරම්භ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු...