30.2 C
Colombo
Friday, April 26, 2024

දරුණු සුනාමියක් ගැන අනතුරු ඇඟවීමක්?

- Advertisement -

දේශගුණික විපර්යාසයන් හමුවේ ඇන්ටාක්ටිකාවෙන් දරුණු සුනාමියක් ඇතිවිය හැකි බවට නවතම වාර්තාවකින් අනතුරු ඇඟවීම් සිදුකර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඇන්ටාක්ටිකාවේ දිය යට සිදුවන නායයාම් හේතුවෙන් පෘථිවියේ දකුණු පසින් වූ සාගරයේ යෝධ සුනාමියක් ඇතිවිය හැකි බවයි.

එහි පරිමාණය පිළිබඳ නිසි සඳහනක් නොමැති වුවත් එමඟින් මීට වසර මිලියන ගණනකට පෙර එවැනි සුනාමි තත්ත්වයක් ඇති වූ බවටද සාක්ෂි උපුටා දක්වා තිබෙනවා.

මේ අනුව වසර මිලියන ගණනකට පෙර දකුණු ඇමෙරිකාව, නවසීලන්තය සිට ගිණිකොණදිග ආසියාව දක්වා මෙම සුනාමි රළ ඇතිවී තිබෙන බවයි එහි සඳහන් වන්නේ.

එම විශේෂඥයින් වැඩිදුරටත් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ සුනාමි අනතුරු ඇඟවීම් හඳුනාගැනීමේ තාක්ෂණය තවදුරටත් වර්ධනය කළ යුතු බවටයි.

RECENT ARTICLES - SINHALA

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ගැන දැනුම්දීමක්

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනව. ඔහු අද (26) පාර්ලිමේන්තුවේදී සඳහන්...

සිරිසේන නිසා අසාධාරණයට ලක්වුවන් ගැන හොයන්න දුමින්දගෙන් කමිටුවක්

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සභාපතිත්වය යටතේ අත්තනෝමතික ලෙස ලබා දුන් ආසන සංවිධායක ධූර සම්බන්ධයෙන් සොයා බලන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ වැඩබලන මහ ලේකම් පාර්ලිමේන්තු...

දේශපාලඥයා කියන්නේ මේ රටේ පුරවැසියෙක්-අමාත්‍ය ප්‍රසන්න

ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ වැරැදි තීන්දු තීරණ නිසා රජයටත් ජනතාවටත් විශාල පාඩු සිදු වෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා. නිලධාරින් සිදු කරන...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අරගලයේ වෙනස අපි පටන් ගන්න සුදානම්-නාමල්

අරගල සමයේ සටන් පාඨය බවට පත්වූ ක්‍රම වෙනසක් ඇති කිරීම සිය පක්ෂය තුළින්ම ආරම්භ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු...