මෙරටට පැමිණ සිටින යුක්‍රේන සංචාරකයන් යාල වනෝද්‍යානය නැරඹීමට හා මිරිස්ස මුහුදේ තල්මසුන් නැරඹීමට සංචාරය කර ඇති බව තම අධිකාරියද දැනගනු ලැබූවේ ජනමාධ්‍ය වාර්තා මඟින් බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමර්ලි ප්‍රනාන්දු මහත්මිය විසින් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට යොමු කරන ලද ලිපියක සදහන් වුණේ තල්මසුන් නැරඹීම සදහා සදහා පෞද්ගලික බෝට්ටුද යාල ජාතික වනෝද්‍යානය නැරඹීම සදහා සෆාරි ජීප් රථ 28 ක්ද සංවිධානය කර ඇති බවට තමන්ට තොරතුරු ලැබුණු බවයි.
අදාල සංචාරයට සම්බන්ධවන රියදුරන් හා මාර්ගෝපදේශකයන් ඇතුළු සවිස්තරාත්මක විස්තර සංචාරක සංවර්ධන අධිකාරිය වෙත ලබාදීමට මෙම සංචාරක සංවිධායකයින් කාර්ය සාධක බලකා රැස්වීමේදී එකඟ වුවද එම කිසිදු තොරතුරක් තවමත් තම අධිකාරියට ලැබී නොමැති බවද අදාල ලිපියෙහි සදහන්.
ඊට අදාල තොරතුරු ලබා ගැනීමට කළ සියලු උත්සහයන් මේ වන විටත් නිශ්ඵල වී ඇති අතර සංචාරකයින් ගෙන්වීමට කටයුතු කල සංවිධායකයින් ජනාධිපති කාර්ය සාධක බලකාය සමඟ කටයුතු නොකරන බවද සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
අදාල සංචාරකයින් හා ඔවුන්ගේ සංචාරයන් පිළිබදව අවශ්‍ය තොරතුරු ලබාගැනීමේ ක්‍රියාවලියට මැදිහත්වන ලෙස සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරිය මෙම ලිපිය මගින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගෙන් ඉල්ලා සිටිනවා.
