31 C
Colombo
Saturday, July 27, 2024

යුක්‍රේන සංචාරකයන් ගෙන්වූ කවුද මේ උදයංග වීරතුංග ?

- Advertisement -

යුක්‍රේන ජාතික සංචාරකයින් මෙරටට ගෙන්වීමේ නියමු ව්‍යාපෘතිය සම්බන්දයෙන් නම කියැවෙන උදයංග වීරතුංග මහතා යනු රාජපක්ෂ පවුලේ ඥාති සොහොයුරෙකි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මව, උදයංග වීරතුංග මහතාගේ මවගේ වැඩිමහල් සොහොයුරිය වේ.
වීරකැටිය – මැදමුලනේ උපත ලබා හැදී වැඩුණු ඔහු පසුව කොළඹ නාලාන්දා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා.
ඉන් අනතුරුව උසස් අධ්‍යාපනය සදහා සෝවියට් දේශයෙන් ලැබුණු ශිෂ්‍යත්වයක් මත උදයංග වීරතුංග මහතා යුක්‍රේනයේ කීව් අගනුවර පිහිටි ඉංජිනේරු විශ්ව විද්‍යාලයකට ඇතුළත් වුණා.
එහිදී උසස් අධ්‍යාපනය හදාරන කාලයේදීම ඔහු ව්‍යාපාරික කටයුතුවල නිරතවීමට පටන් ගෙන තිබුණා.
යුක්‍රේන සරසවියෙන් උපාධිය ලබාගැනීමෙන් අනතුරවද තවත් ශ්‍රී ලාංකිකයෙක් සමඟ එක්ව ඔහු කීව් අගනුවර ශ්‍රී ලාංකික බොජුන් හලක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

2005 වසරේදී මහින්ද රාජපක්ෂ මහතා මෙරට විධායක ජනාධිපති ධූරයට පත්වූ පසුව 2006 වසරේදී උදයංග වීරතුංග මහතා රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත්කරනු ලැබූවා.
ඉන් අනතුරුව 2015 රාජපක්ෂ ආණ්ඩුව බිදවැටෙන තුරුම ඔහු එම තනතුරේ කටයුතු කළා.


තානාපති පදවිය හෙබවූ සමයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රුසියානු හා යුක්‍රේන සංචාරද සංවිධායන කළේ උදයංග වීරතුංග මහතායි.
එම එක් සංචාරයක් වන රුසියාවේ මොස්කව් සංචාරයේදී පැට්‍රිස් ලුමුම්බා මිත්‍රත්ව විශ්ව විද්‍යාලය විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආචාර්ය උපාධියක්ද පිරිනැමීමට කටයුතු කළා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට MiG-27 ප්‍රහාරක යානා යානා මිලදී ගැනීමේ ගනුදෙනුවේදී ඇමරිකානු ඩොලර් මිලියන 7.833 කට ආසන්න මුදලක් වංචා කල බවට ඔහුට චෝදනා එල්ල වුණා.


ඒ සම්බන්දයෙන් විමර්ශනය කල පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ කරුණුවලට අනුව ඔහුව අත්අඩංගුවට ගැනීම සදහා අවස්ථා කිහිපයකදීම වරෙන්තු නිකුත් කරනු ලැබූවා.

කෙසේ වෙතත් වරෙන්තු නිකුත් කර තිබියදීත් උදයංග වීරතුංග මහතා අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට මෙරටට නොපැමිණි අතර පසුව ඔහුව අත්අඩංගුවට ගැනීම සදහා ජාත්‍යන්තර පොලීසිය හරහා රතු නිවේදනයක්ද නිකුත් කර තිබුණා.
විදෙස්ගතව සිටි ඔහු දෙවතාවක් අත්අඩංගුවට පත්වූ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ඩුබායි ගුවන්තොටුපලේදී ඔහුව අත්අඩංගුවට ගත් අවස්ථාවේදී මෙරට ආරක්ෂක බලධාරීන් ඔහුව ලංකාවට ගෙන ඒමට උත්සහ කලද එරට රජය ඔහුව බන්ධනාගාර ගත කර පසුව මුදා හැරීමට කටයුතු කළා.

මහින්ද රාජපක්ෂ මහතා විදේශ සංචාරවල නියැලුණු ඇතැම් අවස්ථාවලදී වරෙන්තු පිට අධිකරණය මඟහරිමින් සිටි උදයංග වීරතුංග මහතා සමඟ සිටින ඡායාරූපද එකල මාධ්‍ය ඔස්සේ පලවුණා.


යහපාලන රජය බිදවැටීමෙන් අනතුරුව උදයංග වීරතුංග මහතාගේ ඥාති සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ මහතා නව ජනාධිපතිවරයා ලෙස 2019 වසරේදී 7 වන විධායක ජනාධිපතිවරයා ලෙස පත්වූවා.

කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත්වූ පසුව ඒ වන තෙක් අධිකරණය මඟහරිමින් සිටි උදයංග වීරතුංග මහතා පසුගිය වසරේ පෙබරවාරි 14 වනදා මස්කට් සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් යානයින් දිවයිනට පැමිණියා.
එදිනම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට පත්වූ ඔහු පසු දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූවා.
කෙසේ වෙතත් බන්ධනාගාරයට නොව බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ ඒ උදයංග වීරතුංග මහතා පසුවදා කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවකට ඇතුළත් කිරීමට කටයුතු යොදා තිබුණා.


• මෙම මිග් යානා ගනුදෙනුව සම්බන්දයෙන් වසර 5 නට අධික කාලයක් පුරා විමර්ශන සිදුකර අධිකරණයට කරුණු වාර්තා කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් ෆ්‍රැන්සිස් මහතා 2020 ජනවාරි 29 වැනිදා මීගමුව කොට්ඨාශයට මාරුකර යැවුණා.
• උදයංග වීරතුංග සම්බන්ධයෙන් විමර්ශනය කල පොලිස් අධිකාරී පවිත්‍ර දයාරත්න මහතා පොලිස් සන්නිවේදන කොට්ඨාශයේ අධ්‍යක්ෂයවරයා ලෙස මාරු කර යැවුණා.
• එතෙක් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ P.K.D ප්‍රියන්ත මහතා කිලිනොච්චියට මාරු කර යැවුණා.
• එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාව සිටි ශානි අබේසේකර මහතා ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාරවරයා ලෙස තනතුරෙන් පහතට හෙළා පසුව ඔහුව අත්අඩංගුවටද ගැණුනා.

ඉන් අනතුරුව මෙම නඩුව සම්බන්දයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාකරන ආකාරය පිළිබදව එවකට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතාගේ දැඩි විවේචනයට ලක්වුණා.


කෙසේ වෙතත් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි උදයංග වීරතුංග මහතාට පවත්නා කොවිඩ් 19 තත්ත්වයද සලකා බලා ඇප ලබා දෙන ලෙස ඔවුන්ගේ නීතිඥයින් ඉල්ලීමක් කර තිබුණා.

ඒ අනුව කරුණු සළකා බැලූ කොටුව මහේස්ත්‍රාත්වරයා පසුගිය අප්‍රේල් මස 3 වෙනිදා මාස දෙකක කාලයක් පමණක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි උදයංග වීරතුංග මහතා හට රුපියල් ලක්ෂ 25 ක ඇප මුදලක් සහ ලක්ෂ 500 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළා.


RECENT ARTICLES - SINHALA

රනිල්ට සහය ගන්න සුසිලුයි සාගලයි මහින්ද හමුවෙලා

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ සහය ලබා ගැනීම පිලිබදව සාකච්ඡාවක් අද (27) විජේරාම නිල නිවසේදී පවත්වා තිබෙනවා . ඒ...

දුම්රිය බිංගෙවල් 32ක තත්ව පරික්ෂාවක්

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දිවයින පුරා පිහිටි දුම්රිය බිංගෙවල් 48 අතුරින් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සිට බදුල්ල දක්වා ඇති දුම්රිය බිංගෙවල් 32ක යෝග්‍යතාව පරික්ෂා කිරීමේ...

ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වෙනවා කියලා කලින්ම දැනගෙන හිටියා – රනිල්

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වන බව තමන් පෙර සිටම දැන සිටි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා සඳහන් ක‍ළේ, ඒ බව තමා විසින් ගෝඨාභය...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...