30.1 C
Colombo
Friday, April 26, 2024

පාස්කු ප්‍රහාරය පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් ඇතැයි අපි විශ්වාස කරනවා – සිරිල් ගාමිණි පියතුමා

- Advertisement -

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් ඇතැයි කතෝලික සභාව විශ්වාස කරන බව ගරු සිරිල් ගාමිණි පියතුමන් පවසනවා.

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා සිදුකරනු ලැබු පැමිණිල්ලට අනුව තෙවන දිනටත් පැය 04කට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබාදීමෙන් පසු පිටතට පැමිණි පියතුමන් මාධ්‍යවේදින් ඇසු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ බව කියා සිටියා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන්ට මෙරට බුද්ධි අංශ අනුග්‍රහය දක්වා ඇතැයි කළ ප්‍රකාශයට අදාළව ඉකුත් 15 වනදා සහ 16 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිරිල් ගාමිණි පියතුමන්ගෙන් පැය 16කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාගත්තා.

අනතුරුව තෙවන දිනටත් කර තිබු කැදවීම තමන් ප්‍රතික්ෂේප කළ බව සිරිල් ගාමිණි පියතුමන් 16වනදා පැවසුවද ඊයේ (22) දින යළිත් ප්‍රකාශ ලබාදීම සඳහා පියතුමන් පෙ.ව 9.45ට පමණ අපරාධ පරීක්ෂණ කොහෙ පාර්තමේන්තුව ට පැමිණියා.

එහිදී පැය හතරකට අධික කාලයක් ප්‍රකාශ ලබාදුන් පියතුමන් ප.ව 1.45ට පමණ පිටතට පැමිණි අතර එහිදි මාධ්‍ය හමුවේ කියා සිටියේ වත්මන් රජයට සහ නීතිපතිවරයාට පාස්කු ප්‍රහාරයේ සැබෑ වරදකරුවන්ට දඩුවම්දීමට අවශ්‍යද යන්න ප්‍රශ්න ගත බවයි.

එමෙන්ම හිටපු නීතිපතිවරයා සිදුකළ ප්‍රකාශයන්ට අනුව තමන් ඇතුලු කතෝලික සභාව පාස්කු ප්‍රහාරය පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් ඇති බව විශ්වාස කරන බවද පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ කියා සිටියා.

ඒ අනුව රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා සිදුකළ පැමිණිල්ල සම්බන්ධයෙන් මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිරිල් ගාමිණි පියතුමන්ගෙන් පැය 20කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ආයුර්වේද ඖෂධ නිෂ්පාදන නියාමනයට අලුත් සභාවක්

ශ්‍රී ලාංකීය ජනතාවගේ මෙන්ම සමස්ථ ලෝවාසී ජනතාවගේ නීරෝගී සුවය උදෙසා ගුණාත්මක තත්ත්වයෙන් උසස් ආයුර්වේද ඖෂධ නිෂ්පාදන ක්‍රියාවලියක් වෙනුවෙන් ආයුර්වේද ඖෂධ නිෂ්පාදන නියාමන සභාව පත්කිරීම...

කොකුවිල් දුම්රිය ස්ථානයට සීල් තියලා

යාපනය කොකුවිල් දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත්‍ර අලෙවි කිරීමෙන් ලද ආදායමෙන් රුපියල් ලක්ෂ විසි හතරක මුදලක් වංචා වීමත් සමගම දුම්රිය විමර්ශන නිලධාරීන් විසින් කොකුවිල් දුම්රිය ස්ථානයට...

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ගැන දැනුම්දීමක්

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනව. ඔහු අද (26) පාර්ලිමේන්තුවේදී සඳහන්...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...