27.9 C
Colombo
Saturday, April 27, 2024

අපිට අර්බුදය විසඳන්න පුළුවන්..! – රනිල්ගේ අලුත් අවුරුදු පණිවිඩය

- Advertisement -

රටක් වශයෙන් නිවැරදි තීරණ ගන්නේ නම් මෙරට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් මිදී ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නගා ගත හැකි බව හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ, සිය නව වසරේ සුභ පැතුම් පණිවඩය හරහා අදහස් දක්වමින්.

රට බංකොලොත්බවට මුදල් අමාත්‍යංශය විසින් සිදු කර ඇති ප්‍රකාශය හරහා රටට විවිධාකාර බලපෑම් ඇතිවිය හැකි බවත් ඔහු පෙන්වා දෙනවා.

මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමට සිදුවනු ඇති බවයි හිටපු අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මැයි මස මැද භාගයේදී ඉන්ධන සඳහා වූ ඉන්දීය ණය අවසන් වන නිසා රට තුල ඉන්ධන හිඟයක් ඇති වන බවත් ජූලි මාසය වන විට පෞද්ගලික අංශය ද අක්‍රීය වනු ඇති බවත් ඔහු පවසනවා.

ශ්‍රී ලංකාව පරණ අවුරුද්ද අවසන් කරනුයේ බංකොලොත් රාජ්‍යයක් ලෙස වුවත් ජාත්‍යන්තර සහය ද ගෙන නිවැරදි පිළිවෙත් අනුගමනය කිරීම මගින් නව වසරේ සාර්ථක විය හැකි බවත් රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.

RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...