30.2 C
Colombo
Friday, April 26, 2024

ජාතික ආණ්ඩුවකට අපි නෑ; මොන කරුමයක් ද මේ…! – ඇමති අමරවීර

- Advertisement -

ජාතික ආණ්ඩුවකට සිය පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැමැත්තක් නොමැති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඒ, ඊයේ (13) පරිසර අමාත්‍යාංශයේ මුලිකත්වයෙන් භූ කම්පන හා භූ සම්පත් කළමනාකරණය පිළිබඳ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ අම්බලන්තොට පැවති වැඩ සටහනක් සඳහා එක්වීමෙන්.

“දැන් කතා බහක් යනවා ජාතික ආණ්ඩු ,ඇමතිකම් ගන්න විදිය, අගමැතිකම් මාරුවෙන විදිය නමුත් ජාතික ආණ්ඩුවකටනම් අපේ කැමැත්තක් නෑ. ජාතික ආණ්ඩු හදන දවසකට අපි පැත්තකට වෙනවා. ජාතික ආණ්ඩු හදන්නේ ජාතික පරමාර්ථයකින් නොවේ. මේ හදන්නේ ඇමතිකම් වැඩිකරගන්න. එහෙම ජාතික ආණ්ඩුවලින් වැඩක් නෑ.

මේ වන විට රටට ඩොලර් නෑ. විදේශ සංචිත නෑ. ඇත්තටම අපි ඉන්නේ මරණාසන්න අවස්ථාවට පැමිණෙමින්. දැන් අපි පිළිකාවක් තියෙන ලෙඩ්ඩු ගානට වැටිලා තියෙන්නේ ඒ වගේම මේක එන්න එන්න ඔඩු දුවමින් තියෙන්නේ.

මේක අනිත් පැත්තට හරවා ගන්න ඕන කමක් තියෙනවා. මේ වෙලාවේ දේශපාලන භේදයකින් තොරව කවුරුත් එකතු වෙන්න ඕන. ඉන්න අය එලවා ගන්න ආකාරයවත් අපි තනතුරු ගන්න ආකාරයවත් වැදගත් නෑ. අපි ජනාධිපතිතුමා හමුවූ වෙලාවෙත් සර්ව පාක්ෂික සමුළුවක් ගැන යෝජනා කළා. අපි මිනිස්සු විදින දුක ගැන අපි එතුමාට කිවුවා.

මිනිසුන්ට මොනතරම් කරුමයත්ද මේ. පහුගිය දවස්වල මිනිස්සු පෝලිමේ ගිහින් ඩිසල් ගහගන්න වුණා. පෝලිමේ ගිහින් වැඩි මිලට ඩීසල් ටික ගහගෙන ඒකට ගෑස් සිලින්ඩරේ දාගෙන ඒ තෙල් ටික ඉවර වෙනකම් ගෑස් හොයන්න ඇවිදින්න වෙලා තියෙනවා.

වෙනද මගුල් ගෙයක් උනාම අපිට කියන්නේ අහිංසක මනුෂ්‍යයෙකුට උදවුවක් කරන්න කියලා තමයි කියන්නේ දැන් ඉල්ලන්නේ කොහොම හරි ගෑස් සිලින්ඩර් දෙකක් හොයල දෙන්න කියලා. මේක එක්කෙනක් දෙන්නෙක්ගේ වැරද්දක් නොවේ මේ මුළු ආණ්ඩු කරනයේම වැරැද්ද තියෙනවා.

කට්ටිය කියනවා මේක සිංගප්පුරුව වගේ මේක හදන්න ඕන, ම්ලේසියාව වගේ මේක හදන්න ඕන කියලා නමුත් ඒ එකක්වත් විදියට නොවේ මේ රටේ 70 -77 යුගේ මැතිනිගේ කාලයේ රටේ ගෙන ගිය ඒ සංග්‍රාමය අඩුපාඩු නිවැරදි කරගෙන ඒ වගේ වැඩ පිළිවෙලක් ගියොත් විතරයි මේ රට ගොඩ ගන්න පුළුවන්. මොකද මේ රටේ ඇති වෙන්න ධන සම්පත් තියෙනවා .

අපි කියන්නේ මේ කමිටු වලට දාගන්න ඕන හොද විශේෂඥ දැනුම තියෙන කණ්ඩායම් දේශපාන බේදයකින් පක්ෂ බේදයකින් තොරව ඒ අයත් මේවට සම්බන්ධ කර ගන්න ඕන ඒහෙම සභාවක් හදල ඒ අයට මේක බාර දෙන්න. මොකද දේශපාලඥයෝ කරලා අසාර්ථක වෙලා තියෙන්නේ.”

RECENT ARTICLES - SINHALA

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ගැන දැනුම්දීමක්

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනව. ඔහු අද (26) පාර්ලිමේන්තුවේදී සඳහන්...

සිරිසේන නිසා අසාධාරණයට ලක්වුවන් ගැන හොයන්න දුමින්දගෙන් කමිටුවක්

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සභාපතිත්වය යටතේ අත්තනෝමතික ලෙස ලබා දුන් ආසන සංවිධායක ධූර සම්බන්ධයෙන් සොයා බලන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ වැඩබලන මහ ලේකම් පාර්ලිමේන්තු...

දේශපාලඥයා කියන්නේ මේ රටේ පුරවැසියෙක්-අමාත්‍ය ප්‍රසන්න

ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ වැරැදි තීන්දු තීරණ නිසා රජයටත් ජනතාවටත් විශාල පාඩු සිදු වෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා. නිලධාරින් සිදු කරන...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අරගලයේ වෙනස අපි පටන් ගන්න සුදානම්-නාමල්

අරගල සමයේ සටන් පාඨය බවට පත්වූ ක්‍රම වෙනසක් ඇති කිරීම සිය පක්ෂය තුළින්ම ආරම්භ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු...