31 C
Colombo
Friday, May 3, 2024

එයාලා ආණ්ඩුවට නඩු දාද්දිත් අපි ඉවසුවා – අගමැති

- Advertisement -

ආණ්ඩුවෙන් අමාත්‍යවරුන් දෙදෙනකු ඉවත් කිරීමට සිදුවූයේ කැබිනට්ටුවේ සාමූහික වගකීම පවත්වාගෙන යෑම සියල්ලට වඩා වැදගත් නිසා බවත් මෙම අමාත්‍යවරුන් කැබිනට් තීන්දුවලට එරෙහිව උසාවියේ නඩු පවරද්දීත් ආණ්ඩුව අසීරුවෙන් නිහඬව ඉවසා සිටි නමුත් දිගින් දිගටම ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුව විවේචනය කිරීම බරපතළ දේශපාලන වරදක් බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දේශය පුවත්පතට පවසා තිබෙනවා.

“යමකු අමාත්‍ය ධුරයක් දරන විට කතා කළ යුතු සහ නොකළ යුතු දේ දැනගත යුතුයි. එසේම ආණ්ඩුව කරන ජනප්‍රිය දේ තමන්ගේ ගිණුමට දමාගැනීමටත් ජනප්‍රිය නොවන දේ අන් අයගේ ගිණුම්වලට බැර කර ජනප්‍රියවීමට තැත් කිරීමත් අනාගතයක් අපේක්ෂා කරන දේශපාලනඥයන් නොකළ යුතු ක්‍රියාවක්. විශේෂයෙන් විමල් වීරවංශ හා උදය ගම්මන්පිල අමාත්‍යවරුන් මේ ආණ්ඩුව බිහිකිරීමට සෑහෙන කාර්යභාරයක් කළ බව සත්‍යයක්. එදා එසේ ආණ්ඩුව හදන්නට මහන්සි වූ අය ආණ්ඩුව කඩා දැමීමට දායක නොවිය යුතුය යන්න මගේ මතයයි.”

තමන්ගේ දීර්ඝකාලීන දේශපාලන ගමනේදී මෙබඳු බොහෝ රැඩිකල් වැඩවලට දායක වූ නමුත් ඒ සියල්ල කළේ සීමාව දැනගෙන බව පැවසූ අග්‍රාමාත්‍යවරයා මාධ්‍යයට කිවයුතු දේ ගැන නොකිව යුතු දේ ගැන මේ අය තමන්ගෙන් උපදෙස් ලබාගත්තේ නම් මෙවැනි කරදරයක් සිදුනොවන්නේ යැයිද දේශය පුවත්පතට පවසා තිබෙනවා.

එසේම ආණ්ඩුවක් කිසියම් අර්බුදයකට මුහුණදෙන විට එහි හවුල්කාර පක්ෂ හා කණ්ඩායම්වල යුතුකම තමන් සතු විකල්ප යෝජනා ආණ්ඩුවට ලබාදීම බවත් එසේ නොකර මහජන රැස්වීම් තබා ඒවා ගැන ජනතාවට කීම ඵලදායී ක්‍රියාවක් නොවන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් සදහන් කර ඇති බවයි පුවත්පත වාර්තා කරන්නේ.


RECENT ARTICLES - SINHALA

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

අමාත්‍ය මණ්ඩල තීරණය අභියෝගයට ලක් කරන අයට එරෙහිව පියවර

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින් රටට ඇතුළුවීමේදී On Arrival ක්‍රමය යටතේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගමක් වෙත පවරා ඇත්තේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව බව...

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ගැන දැනුම්දීමක්

2024, ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මැයි මස 21 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ, කොළඹ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...