29 C
Colombo
Saturday, May 4, 2024

මහින්දගෙන් ගම්මන්පිලට කණේ පාරක් (වීඩියෝ)

- Advertisement -

රට තුළ ඉන්ධන අර්බුදයක් නොමැති අවස්ථාවක එවැනි අර්බුදයක් ඇති වූයේ දේශපාලන අවබෝධයක් නොමැති අය සිදුකරන විවිධ ප්‍රකාශ නිසා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

කුරුණෑගල පැවති උත්සවයකට සහභාගිවෙමින් අග්‍රාමාත්‍යවරයා සදහන් කළේ ඇත්ත වශයෙන්ම මෙරට ඉන්ධන අර්බුදයක් නොතිබූ බවයි.

ඉන්ධන නැව් මෙරට වරායට ළඟා වී තිබුණද ගොඩබෑමේ ප්‍රමාදයක් සිදුවන අවස්ථාවකදී යම් යම් පුද්ගලයින් මෙරට ඉන්ධන සංචිත ඇත්තේ තව දින කිහිපයකට යැයි පැවසීම තුළින් ජනතාව අනවශ්‍ය කළබලයකට පත්වූ බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා.
එවැනි ප්‍රකාශ හේතුවෙන් ඉන්ධන එක්රැස් කරගැනීමට පෝලිම් සෑදුන බවත් ඒවා දේශපාලන පළපුරුද්ද හා අත්දැකීම් නොමැති නිසාවෙන් සිදුවූ දේවල් බවත් වැඩිදුරටත් පවසා සිටියා.

හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට පසුගිය කාලය පුරාවටම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් එල්ලවූ චෝදනාවද වූයේ මෙරට ඉතිරි ඉන්ධන සංචිත ප්‍රමාණය පිළිබඳව මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කිරීමයි.

ඒ තුළින් සාමාන්‍ය ජනතාව අනවශ්‍ය බියක් ඇතිකරගන්නා බවට රජයේ මැති ඇමතිවරුන්ද පවසා සිටියා.

එවන් පසුබිමක අග්‍රාමාත්‍යවරයාද මෙවන් ප්‍රකාශයක් සිදුකිරීම විශේෂත්වයක්.


RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...