27.8 C
Colombo
Friday, April 26, 2024

මෙරටට කැරට් 22ට වැඩි රන් පැළඳ පැමිණීම තහනම් කරයි

- Advertisement -

කැරට් 22ට වැඩි රන් භාණ්ඩ පැළඳ ගුවන් මඟීන්ට මෙරටට පැමිණීම අත්හිටුවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඒ අනුව ආනයන අපනයන පාලක ජනරාල්වරියගේ අවසරයකින් තොරව කැරට් 22ට වැඩි භාණ්ඩ මින් පසු පැළඳ පැමිණීමට අවස්ථාව හිමිවන්නේ නැහැ.

ගුවන් මඟින් පැළඳ පැමිණිය හැකි රන් භාණ්ඩවල ප්‍රමිතියක් හෝ සීමාවක් නොමැති වීමේ අවසරය භාවිතා කරමින් දෛනිකව රත්‍රන් කිලෝග්‍රෑම් 50ක් පමණ ජාවාරම්කරුවන් විසින් මෙරටට රැගෙන එන බවට මේ වන විට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ ඇතැම් ජාවාරම්කරුවන් දෛනිකව ආසන්න රටවල් වෙත ගුවන් ගමන් හරහා ගොස් කැරට් 24 රන් පළඳනා සකස් කරගෙන පැමිණෙන බවට තොරතුරු වාර්තා වී ඇති බවයි.

මේ හේතුවෙන් මසකට ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 30ක් පමණ අහිමි වන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

පසුගියදා මේ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයා විසින් කළ නියෝගයක් මත රේගු අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් විමර්ෂණ වාර්තාවක් අමාත්‍යවරයා ලබා දී තිබෙනවා.

අදාළ වාර්තාව අධ්‍යනය කිරීමෙන් පසු ජාවාරම් කිරීමේ අරමුණින් අනවශ්‍යය ලෙස රන් භාණ්ඩ පැළඳ මෙරටට ගුවන් මඟීන් ලෙස පැමිණෙන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගනු ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අනුව රන් භාණ්ඩවල තත්ත්වයන් හා ප්‍රමාණයන් පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතා කිරීමට රේගු නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වනවා.

ඉදිරි සතිය තුළදී ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

කෙසේ වෙතත් විදෙස්ගතව පැමිණෙන ශ්‍රමිකයින්ට හෝ සාමාන්‍ය ගුවන් මඟීන්ට අදාළව තීරණයෙන් කිසිඳු පීඩාවක් ඇති නොවන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අරගලයේ වෙනස අපි පටන් ගන්න සුදානම්-නාමල්

අරගල සමයේ සටන් පාඨය බවට පත්වූ ක්‍රම වෙනසක් ඇති කිරීම සිය පක්ෂය තුළින්ම ආරම්භ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු...