30.2 C
Colombo
Friday, April 26, 2024

උපාධි ලෝගුව දාගෙන ශිරන්ති කාල්ටන් ළමයින්ටත් උපාධි දීලා

- Advertisement -

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිද වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් ඇයගේ නිල ෆේස්බුක් ගිණුමේ පලකර ඇති ඡායාරූපයක් මේ වන විට සමාජ මාධ්‍යවල දැඩි කතාබහකට ලක්ව තිබෙනවා.

ඒ රාජපක්ෂ පවුලට අයත් කාල්ටන් පෙරපාසල් ජාලයේ කොළඹ හා ගල්කිස්ස යන ශාඛාවන්හී උපාධි ප්‍රදානෝත්සවයක් සම්බන්ධයෙන්.

අදාළ පෙරපාසල් දෙකේ දරුවන්ට උපාධි සහතිකයක් ලබාදෙන ශිරන්ති රාජපක්ෂ මහත්මියද උපාධි ලෝගුවක් හැඳ පෙරපාසල් දරුවන්ටද උපාධි සහතිකයක් ලබාදෙන ආකාරය මෙම ඡායාරූපයෙහි දැක්වෙනවා.

ශිරන්ති රාජපක්ෂ යනු උපාධිධාරිනියක් නොවන අතර ඇය විවාහයට පෙර Miss Sri Lanka තරඟයෙන් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව 1973 වසරේදී Miss Universe හා Miss World තරඟාවලියට සහභාගී වුණා.

කෙසේ වෙතත් එම තරඟාවලි දෙකෙහිම ඇයට අවසන් පූර්ව වටවලට හෝ තේරී පත්වීමට අවස්ථාවක් ලැබුණේ නැහැ.

මීට පෙර මහින්ද රාජපක්ෂ මහතා බලයේ සිටි සමයේදී ඇය විසින් අක්ෂි සායනයක් මෙහෙයවමින් හැසිරෙන ආකාරයද මාධ්‍ය විසින් වාර්තා කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ගැන දැනුම්දීමක්

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනව. ඔහු අද (26) පාර්ලිමේන්තුවේදී සඳහන්...

සිරිසේන නිසා අසාධාරණයට ලක්වුවන් ගැන හොයන්න දුමින්දගෙන් කමිටුවක්

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සභාපතිත්වය යටතේ අත්තනෝමතික ලෙස ලබා දුන් ආසන සංවිධායක ධූර සම්බන්ධයෙන් සොයා බලන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ වැඩබලන මහ ලේකම් පාර්ලිමේන්තු...

දේශපාලඥයා කියන්නේ මේ රටේ පුරවැසියෙක්-අමාත්‍ය ප්‍රසන්න

ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ වැරැදි තීන්දු තීරණ නිසා රජයටත් ජනතාවටත් විශාල පාඩු සිදු වෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා. නිලධාරින් සිදු කරන...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අරගලයේ වෙනස අපි පටන් ගන්න සුදානම්-නාමල්

අරගල සමයේ සටන් පාඨය බවට පත්වූ ක්‍රම වෙනසක් ඇති කිරීම සිය පක්ෂය තුළින්ම ආරම්භ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු...