26.1 C
Colombo
Wednesday, October 4, 2023

මිරිස්සේ Coconut Tree Hill ඉඩමට ඇත්තටම මොකද වුණේ ?

- Advertisement -

දකුණු පළාතේ දැඩි සංචාරක ආකර්ශනයක් දිනාගත් මිරිස්ස මුහුදට යාබදව පිහිටි රමණීය ස්ථානයක් වන Coconut Tree Hill ඉඩම පිළිබදව සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.
ඒ එම ඉඩම වෙනවන ආකාරයෙන් වැටක් ඉදිකර සංචාරකයන්ට එම ස්ථානයට ඇතුළුවීමට නොහැකි පරිදි අවහිර කර තිබීම පිළිබදවයි.
මේ පිළිබදව News 19 සිදුකල සොයා බැලීමේදී අනාවරණය වුණේ අදාල ඉඩමේ මෙම වැට ඊයේ (05) දිනයේ ඉදිකර ඇති බවයි.
මෙම සම්පූර්ණ ඉඩම පුද්ගලයන් දෙදෙනෙකුගේ හිමිකාරීත්වයට යටත්වනවා.
එයින් එක් කොටසක් මිරිස්සේ ප්‍රසිද්ධ හෝටල් හිමියෙකු වන ආනන්ද නැමැති අයෙකුට අයත් වන අතර අනෙක් කොටස විදේශිකයෙකුට අයත්.
විදේශිකයාට අයත් කොටස බලා කියාගැනීමට කුරුණෑගල ප්‍රදේශයේ පුද්ගලයෙකු විදේශිකයා යොදවා තිබෙනවා.
කෙසේ වෙතත් මෙම ඉඩම සම්බන්දයෙන් පසුගියදා ආරවුලක් ඇතිවී එය නීතිමය ක්‍රියාමාර්ග ගැනීම දක්වා දුරදිග ගියා.
ඒ මිරිස්සේ හෝටල් හිමියා මෙම ඉඩමේ ඔහුට අයත් නොවන කොටසකද පොල් පැල සිටුවීම සදහා පොල් වලවල් කිහිපයක් කපා තිබීම හේතුවෙන්.


මේ සම්බන්ධයෙන් ඉඩමේ අනෙක් හිමිකම් පාර්ශවය මාතර – කොටවිල පොලීසිය වෙත පැමිණිල්ලක්ද සිදුකර තිබෙනවා.
ඒ අනුව මේ ආරවුල හේතුවෙන් මිරිස්සේ ඉඩම් හිමිකරු ඉඩමේ තමන්ගේ කොටස වෙන්වන ආකාරයෙන් වැටක් ඉදිකිරීමටද කටයුතු කර ඇති බවයි වාර්තාවන්නේ.
නමුත් ඉඩමේ අනෙක් පාර්ශවය පවසන්නේ එම වැටද තමන්ගේ ඉඩමේ කොටසක්ද අහිමිවන පරිදි ඉදිකර ඇති අනවසර ඉදිකිරීමක් බවයි.
මේ සම්බන්ධයෙන් වන පැමිණිලි විභාගය අද පස්වරුවේ කොටවිල පොලීසියේදී සිදුකිරීමට නියමිත වනවා.
කෙසේ වෙතත් මෙම ඉඩම් ආරවුල හේතුවෙන් මෙරට දේශීය සංචාරකයන් මෙන්ම විදේශීය සංචාරකයන්ගේද වැඩි ආකර්ශනයක් දිනාගත් ස්වභාවික මනස්කාන්ත භූමියක් මෙලෙස විනාශයට පත්ව තිබීම කණගාටුවට කරුණක්.

ඉඩම පෙර පැවති ආකාරය

RECENT ARTICLES - SINHALA

වත්කම් ප්‍රසිද්ධ කරලා තියෙන්නේ 225න් 12 දෙනෙක් පමණයි-හර්ෂ ද සිල්වා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැන වූ කොන්දේසියක් අනුව වත්කම් බැරකම් ප්‍රකාශය ප්‍රසිද්ධ කර ඇත්තේ පාර්ලිමේන්තුවේ 225 දෙනාගෙන් දොළොස් දෙනෙක් පමණක් බව සමගි ජන බලවේගයේ කොළඹ...

මාතර සියලුම පාසල් වසා දැමේ

මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (05) සහ අනිද්දා (06) දෙදින වසා තැබීමට තීරණය කර තිබෙනවා. පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙන බවට වාර්තා...

දුම්රියේ ගැටී බේරුණු දරුවන් දෙදෙනෙක්

ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් කුඩා දරුවන් දෙදෙනෙකුගේ දිවි බේරුණු ඇදහිය නොහැකි පුවතක් බේරුවල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. බේරුවල මරක්කලවත්ත හේන පාර ප්‍රදේශයේදී මෙම අනතුර...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...