27.8 C
Colombo
Friday, April 26, 2024

සමීක්ෂණ ප්‍රතිඵල පැමිණීමත් සමඟ බැසිල් යළි විමල් ඩලස් පසුපස යයි – ආයේ එකතු වෙන්නේ නම් නෑ විමල් කලින්ම දැනුම් දෙයි

- Advertisement -

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා විසින් රහසිගත ජනමත විමසුමක ප්‍රතිඵල ඔහු වෙත ලැබීමත් සමඟ යළිත් වතාවක් පක්ෂය හැර ගිය පිරිස් වෙත එකතු කරගැනීමේ මෙහෙයුමක් දියත් කර තිබෙනවා.

මේ අනුව බැසිල් රාජපක්ෂ මහතා ගෙවී ගිය සතියේ දී පොහොට්ටුවෙන් ඉවත්ව ස්වාධීනව විමල් – ගම්මන්පිල පාර්ශවයට සහ ජී.එල් – ඩලස් පාර්ශවයට විවිධ කණ්ඩායම් හරහා පණිවිඩ කිහිපයක්ම යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

විමල් විරවංශ මහතාගේ පර්ශයෙන් බැසිල් රාජපක්ෂ මහතාගේ පණිවිඩයට දැඩි පිළිතුරක් ලබා දී ඇති අතර ඔවුන් එහිදී දැනුම් දී ඇත්තේ යළි කිසි දිනෙක ජනවරම විනාශ කළ පොහොට්ටුව සමඟ සන්ධානගත නොවන බවයි.

ජී. එල් සහ ඩලස් පිලද බැසිල්ගේ පණිවිඩයට කිසිඳු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.

බැසිල් රාජපක්ෂ මහතා පක්ෂය හැර ගිය අය පසුපස යාමට තීරණය කළේ ඔහු විසින් සිදුකළ රහසිගත සමීක්ෂණයක ප්‍රතිඵල ලැබීමත් සමඟයි.

අදාළ සමීක්ෂණ ප්‍රතිඵලයෙන් ඉදිරි මැතිවරණයේ දී සමඟි ජන බලවේගයෙන් 51%ක ඡන්ද ප්‍රතිශතයක් ලැබෙනු ඇති බව අනාවරණය වී තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණ දෙවන ස්ථානය දිනාගෙන විපක්ෂය බවට පත්ව වන බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තුන්වන ස්ථානයට පත්වනු ඇති බවත් එම සමීක්ෂණ ප්‍රතිඵලවලින් බැසිල් රාජපක්ෂ මහතාට දැනගන්නට ලැබී ඇති බව සඳහන්.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අරගලයේ වෙනස අපි පටන් ගන්න සුදානම්-නාමල්

අරගල සමයේ සටන් පාඨය බවට පත්වූ ක්‍රම වෙනසක් ඇති කිරීම සිය පක්ෂය තුළින්ම ආරම්භ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු...