32 C
Colombo
Saturday, March 25, 2023

ගෙදර ඉඳන් පැලට්වලින් හදන ගෘහභාණ්ඩ

- Advertisement -

කියතක්, ඉස්කුරුප්පු ඇණ තොගයක්, පුංචි ග‍්‍රිල් මැෂිමක්, වැලි කඩදාසි හා පැලට් තොගයක් මිලදී ගත යුතුයි. පොත් ගොන්නක් ඉඩකඩ නැතිව විසිර ගොස් තියෙනවා. ඒ හින්දා අලූත් පොත් රාක්කයක් තනාගත යුතුයි. තමන්ගේම අතින් රාක්කයක් හදාගැනීම අසීරු කටයුත්තක් නොවෙයි.
ගෘහභාණ්ඩ කියන්නේ අභියෝගයක්.

ඉරිදා පත්තරයක ගෘහභාණ්ඩ අලෙවිසැල්වල දැන්වීම් දකිද්දී ගෘහභාණ්ඩයකට මොනතරම් මුදලක් වියදම් කළ යුතුදැයි සිතමින් තැවෙන්නට බොහෝ අයට සිදුවෙනවා. අඩුම මිලට ගත හැකි ගෘහභාණ්ඩ වර්ග හැමදාම දකින කුකුළන්ගේ කරමල වගෙයි. මිල අධික ගෘහභාණ්ඩවලට ළඟාවිය නොහැකියි. වෙනස්ම ගෘහභාණ්ඩ එකතුවක් ගැන හීන දකින කෙනෙකුට එක්කෝ හීන දකිමින් ඉන්න සිද්ධවෙනවා. නැත්නම් ගෘහභාණ්ඩවලට මුදල් හොයන්න සිද්ධවෙනවා.

අඩු වියදමකින් නිවෙසක ගෘහ අභ්‍යන්තරයට වෙනස්ම හැඩයක් දෙන භාණ්ඩ එකතුවක් සොයාගත හැකිනම් එය සිහිනයක්. ලී පැලට්වලින් නිර්මාණය කරගත් ගෘහභාණ්ඩ මේ සිහිනය හැබෑ කරගන්නට අපූරු මාධ්‍යයක්. පැලට් පාවිච්චි කරන්නේ නැව්වලින් විශාල භාණ්ඩ ප‍්‍රවාහනය කරද්දී ආධාරක ලෙසයි. ලී පැලට්වලින් ගෘහභාණ්ඩ තැනීම කලෙක කැරවෑන්, එස්යූවී වාහන වැනි නිවාසවල තැනින් තැනට ගමන් ගන්නා උදවියට සැහැල්ලූවෙන් හා අඩුමිලට ගෘහභාණ්ඩ පාවිච්චි කිරීමට යොදාගත් ක‍්‍රමයක්ව තිබුණා. එහෙත් අද එය විලාසිතාවක් බඳුයි. පැලට් කිහිපයක් හා විවේකයක් සොයාගතහොත් පැලට්වලින් ගෘහභාණ්ඩ තනාගැනීම අපටම කළ හැකියි.

සාමාන්‍යයෙන් ගෘහභාණ්ඩ සඳහා පාවිච්චි කරන්නට සුදුසු පැලට් වන්නේ ඇමෙරිකාව හා ඕස්ටෙ‍්‍රලියාව වැනි රටවල නිෂ්පාදනය කරන පැලට් බව කියනවා. ඒ ඒ පැලට්වල කල්පැවැත්ම හා දරාගත හැකි බර අනුව ඒවා වර්ගීකරණය කරනවා. කිලෝ 22 සිට කිලෝ 210 දක්වා බරක් දරාගත හැකි පැලට් වර්ග තියෙනවා.

මේ වෙද්දී පැලට්වලින් ගෘහභාණ්ඩ නිෂ්පාදනය කරන හැටි උගන්වන අන්තර්ජාල වෙබ් අඩවි මෙන්ම යූටියුබ් චැනල බොහොමයක් තියෙනවා. ඞීඅයිවයි (ඩූ ඉට් යුවර්සෙල්ෆ්* අන්තර්ජාල පිටුවල පැලට්වලින් ගෘහභාණ්ඩ තනාගන්නා අන්දම වීඩියෝ මාධ්‍යයෙන් මුල සිට අගට කියාදෙනවා. අවශ්‍ය යන්ත‍්‍ර, ඇණ වර්ග, පැලට් ආදිය සොයාගතහොත් තමන්ගේම ගෘහභාණ්ඩ තනාගැනීමේ ව්‍යාපෘතියක් තමන්ටම කළ හැකියි.

සෝෆා එකක්, පොත් රාක්කයක්, ඇඳක්, ටීපෝවක්, කෑම මේසයක්, පොත් මේසයක්, මුළුතැන්ගෙය බෝතල් රඳවනයක්, මල්පැල රාක්කයක් හෝ වැටක් වුව පැලට් පාවිච්චි කරමින් තනාගත හැකියි. සාමාන්‍ය ලීවලට වඩා ඉවතලන ලී පැලට් එකක මිල අඩුයි. ඒ නිසා පැලට් ලාබෙට සොයාගත හැකියි. එය අඩු වියදම් ගෘහභාණ්ඩයකට පාරක් කරගත හැකියි.

පැලට්වලින් තනන ගෘහභාණ්ඩයක රසය තියෙන්නේ අන්තර්ජාලයෙන් බලා ඉගෙනගෙන, සති අන්ත දෙකතුනක් පාවිච්චි කොට තමන්ම ගෘහභාණ්ඩයක් තනාගතහොත් තමයි. තමන්ගේම අතින් තැනූ ඇඳක හෝ සෝෆාවක වැතිර සිටීම තවත් එක් සෝෆාවක වැතිරීමට වඩා විනෝදයක්. ඇතැම්විට පළමු නිර්මාණය අසාර්ථක විය හැකියි. එහෙත් එය පාඩුවක් නොවෙයි, ඔබට තවත් ගෘහභාණ්ඩයක් තනාගත හැකියි.

සාමාන්‍යයෙන් තමන්ගේ ගෘහභාණ්ඩ අලූත්වැඩියා කරගැනීම හෝ තනාගැනීම ලංකාවේ බෙහෝ දෙනෙකුට නුහුරු අත්දැකීමක්. මධ්‍යම පන්තික පවුලකට එය ලැජ්ජාවක් විය හැකියි. එහෙත් මේ වෙද්දී මුළු ලෝකයේම පැතිර ගිය අන්තර්ජාලයේ ඞීඅයිවයි වෙබ් පිටු නරඹා නිවෙසට අවශ්‍ය භාණ්ඩ නිර්මාණය කරගැනීමේ විලාසිතාවක් තියෙනවා. එය අලූත් සංස්කෘතික පුරුද්දක් ලෙස ලංකාවේ අපටත් හුවමාරු කරගත හැකියි.   පැලට්වලින් තනාගන්නා ගෘහභාණ්ඩ හොඳ කල් පවතින ලීයකින් තැනූ වෙනත් ලී ගෘහභාණ්ඩ තරම් කල් පවතින්නේ නැති බව කිව යුතුයි. එහෙත් අද බොහෝ තැන්වල විකුණන්නට තිබෙන ප්ලයිවුඞ් භාණ්ඩ තරම් කාලයක් පැලට්වලින් හදාගන්නා ගෘහභාණ්ඩත් පවතිනවා. අනෙක් අතට තමන්ගේම අතින් තනාගත් පැලට් ගෘහභාණ්ඩයක් වසර දහයකින් පමණ දිරාපත් වුණත්, හිතට දුකක් නැහැ. හිතේ සැහැල්ලූවකින් තවත් භාණ්ඩයක් හදාගැනීමට ව්‍යාපෘතියක් ආරම්භ කළ හැකියි.

RECENT ARTICLES - SINHALA

ඇමති බන්දුලට හූ කියා ගිය පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට

0
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම පිටිපන හන්දිය ආසන්නයේ අභිනවයෙන් ඉදි කෙරෙන බුද්ධ මන්දිරයකට මුල්ගල් තබන අවස්ථාවේදී හූ...

ලැබෙන ආධාරවලින් හෝ රාජ්‍ය සේවක වැටුප් ගෙවනවා – අගමැති

0
මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඉදිරි දිනවලදී කැඳවා සාකච්ඡා කිරීමට සූදානම් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. පළාත් පාලන ඡන්දය පැවැත්වීමට...

බැසිල් හදිසියේම ජනපති හමුවෙයි

0
බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ ඉතා පෞද්ගලික මට්ටමේ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වනවා.

RECENT ARTICLES - ENGLISH

‘Prophet’ Uebert Angel involved in gold smuggling scheme

0
One of Zimbabwe’s most influential diplomats, Uebert Angel, offered to use his status to launder millions of dollars through a gold-smuggling scheme,...

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...