32 C
Colombo
Saturday, March 25, 2023

ටීවී සීරීස් එකකින් මතු වූ ඩයනාගේ, තැචර්ගේ, රැජිණගේ අසූවේ ඇඳුම්

- Advertisement -

ඩයනා කුමරිය, මාග්‍රට් තැචර් සහ අසූව දශකයේ බ්‍රිතාන්‍ය රජ පවුලේ සිදු වූ ඓතිහාසික සිදුවීම් මාලාව නිසා ‘ද ක්‍රවුන්’ නම් ටීවී සීරීස් එකේ හතරවැනි සීසන්  එක මේ වන විට නෙට්ෆ්ලික්ස් වෙබ් අඩවියේ අතිශය ජනප්‍රිය කතාමාලාවක් වී තිබෙනවා.

රජ පවුලේ ඉතිහාසය රැගත් මේ සීරීස් එකේ සිව්වැනි සීසන් එක පටන්ගන්නේ 1979 අවුරුද්දෙන්. මාග්‍රට් තැචර් බ්‍රිතාන්‍යයේ පළමු අගමැතිනිය ලෙස දිවුරුම් දුන්නේ ඒ වර්ෂයේදී. එයට පසු 1981 දී සියවසේ විවාහය හෙවත් චාල්ස් කුමරු සහ ඩයනා කුමරිය අතර විවාහය සිද්ධවුණා.  අවසන් වන්නේ 1990 අවුරුද්දෙන්. ඒ අනුව රජ පවුලේ ඉතිහාසයේ තීරණාත්මක සිදුවීම් කිහිපයක් දැකගත හැකි වේවි.

මෙම කතා මාලාව නිෂ්පාදනය කර තිබුණේ නෙට්ෆ්ලික්ස් සහ සෝනි පික්චර්ස් ආයතන. අධ්‍යක්ෂණය කළේ පීටර් මෝර්ගන්. ඔලීවියා කෝල්මන් එළිසබෙත් රැජිණගේ චරිතය රඟපානවා. ගිලියන් ඇන්ඩර්සන් මාග්‍රට් තැචර් ලෙස රඟපානවා. එමා කොරින් නම් 24 හැවිරිදි නවක නිළිය ඩයනා ස්පෙන්සර් ලෙස රඟපානවා.

මීට පෙර සීසන් පිළිබඳ විචාරකයන්ගේ විවේචන තිබුණත්, මෙවර බොහෝ අඩුපාඩු මඟහැර ආකර්ශණීය කතා මාලාවක් ගෙනැවිත් තිබෙන බව විචාරකයන් මත පළ කර තිබෙනවා.

සිව්වැනි සීසන් එකේ තවත් විශේෂත්වයක් වන්නේ අසූව දශකයේ විලාසිතා බොහොමයක් දක්නට ලැබීම. 

අසූව දශකය ලෝක ඉතිහාසයේ සුවිශේෂීම විලාසිතා තිබුණ කාලයක් ලෙස සලකනවා. බොහෝ අය ඒ අතින් අසූව දශකයට පුදුමාකාර කැමැත්තක් දක්වනවා. කොණ්ඩයට ස්ක්‍රන්චීස්, නැත්තං කැලෑ වැදිච්ච කොණ්ඩයක්, කකුල් පෙන්වන මිනි ගවුම්, පිළිවෙලට ඇන්ද කමිස, ටයි, පිළිවෙළ කොණ්ඩය එක්ක යපී ලුක් එකක්, ඇස් කඩන මේකප් තොගයක්, තද පාට නියෝන් පාටවල්, ෂෝල්ඩර් පෑඩ් ආදී නොයෙකුත් විලාසිතා වර්ග ඒ යුගයේ තිබුණා. ඒ ඇතැම් විලාසිතා බ්‍රිතාන්‍යයේ රජ පවුලට හා එරට ඉහළ පැලැන්තියේ සංස්කෘතික ජීවිතයටත් බලපෑවා.

විශේෂයෙන් 1983 දී ඩයනා කුමරිය සහ චාල්ස් කුමරුගේ ඕස්ට්‍රේලියා සංචාරයේදී ඩයනා කුමරිය අඳින ලද ඇඳුම් නැවත ප්‍රතිනිර්මාණය කර තිබුණා. එම සංචාරයේදී ඇය අඳින ලද බෲස් ඕල්ඩ්ෆීල්ඩ් ගවුම ඒ අතරින් විශේෂයි. ඇගේ තාරුණ්‍යය. චාල්ස් කුමරු සමඟ තිබුණු ආදරණීය බැඳීම එම ගවුමෙන් මනාව සංකේතවත් වූ බව කියනවා.

අනෙක් පැත්තෙන් රැජිණගේ ඇඳුම් පවා විශේෂයි. ඇය අසූව දශකයේදී වැඩිපුර ලා නිල්, කොළ සහ දුඹුරු වර්ණ පාවිච්චි කර තිබෙනවා. රැජිණ බවට පත් වූ පසු, ඇයට ලැබුණු නව ජීවිතයට හොඳින් හැඩගැසුණු, චාරිත්‍ර වාරිත්‍රවලට පුරුදු වූ ඒ ජීවිතය සුවපහසුවෙන් විඳින කාන්තාවක් බවට ඇය අසූව දශකයේදී පත් වූ බව කියනවා.

මාග්‍රට් තැචර් අසූව දශකය වෙද්දී බ්‍රිතාන්‍යයේ පමණක් නොව ලෝකයේම බලවත්ම චරිතයක් බවට පත් වුණා. ඇය යකඩ ගැහැණිය ලෙස හැඳින්වුවා. ඇගේ ඇඳුම්වල උරහිස් කොටස විශේෂ බවත්, ඇගේ බලය සංකේතවත් කරන්නට එම කොටසේ හැඩතල උදව් වූ බවත් කියනවා. ඇගේ ඇඳුම්, කොණ්ඩය ඇතුළු බාහිර පෙනුම ඇගේ බලය සංකේතවත් කරන අපූරු කාරණයක් වුණා. එක් මොහොතක ‘නම්බර් 10 ඩවුනින් වීදිය’ හෙවත් අගමැති නිල නිවසේ ඉදිරිපස නයිෆ්-ප්ලීට් සායක් හැඳ සිටගෙන සිටියදී, එම සායේ රැළි සුළඟට සෙලවෙන රූප විශේෂයි. එමෙන්ම පිරිමින් ටයි පටි පළඳිමින් තමන්ගේ බලය පෙන්වන ලෝකයක, පුසීබව් බ්ලව්ස් (කාටහරි විහිළුවට වාගේ යෝනි ආචාර බ්ලවුස් එක කියා සිංහලට පරිවර්තන කළ හැකියි.) හෙවත් කාන්තාවගේ බලවත්කම පෙන්වන කමිසය ඇය නිතර ඇන්දා. එම කමිසයේ මැද පටිය ටයිපටියට විකල්පයක්. ටයි අඳින පිරිමි බහුතරයක් වන ලෝක රාජ්‍ය නායකයන් අතර වගේම, එංගලන්තයේ ඉහළ ආයතන අතරත් ඇයට හිමි ශක්තිය පෙන්වන්නක් වුණා.  

RECENT ARTICLES - SINHALA

ඇමති බන්දුලට හූ කියා ගිය පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට

0
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම පිටිපන හන්දිය ආසන්නයේ අභිනවයෙන් ඉදි කෙරෙන බුද්ධ මන්දිරයකට මුල්ගල් තබන අවස්ථාවේදී හූ...

ලැබෙන ආධාරවලින් හෝ රාජ්‍ය සේවක වැටුප් ගෙවනවා – අගමැති

0
මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඉදිරි දිනවලදී කැඳවා සාකච්ඡා කිරීමට සූදානම් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. පළාත් පාලන ඡන්දය පැවැත්වීමට...

බැසිල් හදිසියේම ජනපති හමුවෙයි

0
බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ ඉතා පෞද්ගලික මට්ටමේ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වනවා.

RECENT ARTICLES - ENGLISH

‘Prophet’ Uebert Angel involved in gold smuggling scheme

0
One of Zimbabwe’s most influential diplomats, Uebert Angel, offered to use his status to launder millions of dollars through a gold-smuggling scheme,...

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...