24 C
Colombo
Thursday, March 30, 2023

තඹ, ඇලුමිනියම් ලෝහ වර්ග කිහිපයක් අපනයනය තහනම්

- Advertisement -

කර්මාන්ත හා ව්‍යවසාය පිළිබඳ අන්තර් අමාත්‍යාංශීය කාර්යසාධක බලකාය හා ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන කාර්යසාධක බලකාය  සිදු කළ සාකාච්ඡාවකදී ලෝහ කර්මාන්තයේ පවතින ගැටලු සාකච්ඡාවට ගෙන ඇති අතර, එම සාකච්ඡාවලදී තීරණය කර ඇත්තේ දේශීය ලෝහ කර්මාන්තකරුවන් සඳහා ප්‍රමාණවත් අමුද්‍රව්‍ය සැපයීමේ අරමුණින් වහාම ක්‍රියාත්මක වන පරිදි තඹ, ඇලුමිනියම්, සුදු යකඩ, අධි කාබන් යකඩ, පිත්තල, චීනච්චට්ටි, අබලි ඇලුමිනියම් කුට්ටි සහ සින්ක් කුට්ටි අපනයනය නැවැත්වීම සඳහා පියවර ගෙන ඇත.

 ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සහ මොරටුව විශ්වවිද්‍යාලය සිදු කර ඇති සමීක්ෂණයක් අනුව යකඩ, චීනච්චට්ටි, ඇළුමිනියම්, තඹ හා පිත්තල සඳහා දේශීය කර්මාන්තකරුවන්ගෙන් වැඩි ඉල්ලුමක් පවතින බවත්, සින්ක්, මැංගනීස්, අධිකාබන් යකඩ හා සුදු යකඩ සඳහා ද පවතින ඉල්ලුම වැඩි වෙමින් පවතින බවත් තහවුරු වී ඇත.

දේශීය කර්මාන්ත ප්‍රවර්ධනය කිරීමේ රජයේ ප්‍රතිපත්තිය අනුව අබලි ලෝහ සඳහා පවතින ඉල්ලුම තවදුරටත් ඉහළ යෑමට ඉඩ ඇති බැවින්, දැනට තඹ කම්බි අපනයනය සඳහා ලබා ‍දී ඇති අවසරය පිළිබඳව නැවත සලකා බැලිය යුතු බව තීරණය කර ඇති බවත්  අගය එකතු කළ යුතු නිෂ්පාදන සඳහා තඹ කම්බි අපනයනය අත්හිටුවීම යෝග්‍ය බව පෙනී ගොස් ඇති බවත් කණ්ඩායම් තීරණය කර ඇත.

ඒ අනුව, යකඩ, තඹ, ඇලුමිනියම්, සුදු යකඩ, අධි කාබන් යකඩ, පිත්තල සහ චීනච්චට්ටි යන ලෝහවල අබලි ලෝහත් ඇලුමිනියම් කුට්ටි සහ සින්ක් කුට්ටි හා තඹ කම්බි දේශීය කර්මාන්ත සඳහා පමණක් භාවිත කිරීමටත්, එසේ භාවිත කළ නොහැකි අබලි ලෝහ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ හා අනෙකුත් අදාළ ආයතනවල නිර්දේශය මත පමණක් අපනයනය සඳහා අවසර ලබා දීමටත් කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇත.

RECENT ARTICLES - SINHALA

කටුනායක ආරක්ෂාව තර කෙරේ – හේතුව මෙන්න

0
කටුනායක ගුවන් තොටුපොළේ ආචාරශීලි මෙන්ම සුහද බව කෙලෙසන සහ විවිධ අක්‍රමිකතාවල යෙදෙන පුද්ගලයන්ට මෙතෙක් නියම කර තිබුණු රුපියල් 25000 දඩ මුදල ලක්ෂය...

රට හදන හැටි ජනපති කියයි

0
මෙරට සිසු පරපුර 2048 වන විට රට භාර ගැනීමට හැකිවන පරිදි නවීන තාක්ෂණයෙන් සියලු අංශ පිළිබඳව සන්නද්ධ විය යුතු බව ජනාධිපති රනිල්...

ක්‍රිප්ටෝ කරන්සි ගැන මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

0
ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඔවුන් මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...