26.1 C
Colombo
Wednesday, October 4, 2023

සංක්‍රාන්තික ලිංගිකයන් සදහා පාසලක්

- Advertisement -

සංක්‍රාන්ති ලිංගිකයන් සඳහා වන පාසලක් බංග්ලාදේශයේ ඩකා අගනුවර ආරම්භ කර තිබෙනවා. මෙය සංක්‍රාන්තික ලිංගිකයන් වෙනුවෙන් එරට ආරම්භ වූ පළමු ආගමික පාසලයි. ඒ අනුව එම පාසලේදී සිසුන් 150 කට වැඩි පිරිසකට ඉස්ලාම් ආගම හා වෘත්තීය නිපුනතාව වැඩි දියුණු කරගැනීමට අදාල විෂයන් නොමිලයේම ඉගෙන ගැනීමට අවස්ථාව සලසා තිබෙනවා.

සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව මේ වන විට බංගලාදේශයේ නිල වශයෙන් පිළිගෙන තිබෙනවා.

මැතිවරණයකදී ඔවුන්ට ඡන්දය දීමට සහ මැතිවරණයට ඉදිරිපත්වීමට අයිතියක් ඇතත්, ගතානුගතික සමාජ ආකල්ප තවමත් ඔවුන්ට රැකියා සහ අධ්‍යාපනය ලබාගැනීමට ඇති ඉඩකඩ වළක්වා තිබෙනවා.

කෙසේ වෙතත් මෙම පාසල ආරම්භ කිරීම එරට සංක්‍රාන්තික ලිංගික ප්‍රජාව ලැබූ ජයග්‍රහණයක් වනවා.

එය තම අයිතීන් වෙනුවෙන් සටන් කරන ලෝක සංක්‍රාන්තික ලිංගික ප්‍රජාවටද ශක්තියක් වනවා.

RECENT ARTICLES - SINHALA

මාතර ප්‍රදේශ රැසකට නායයෑම් අනතුරු ඇඟවීම්

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ කිරින්ද පුහුල්වැල්ල, වැලිගම, මාතර, අකුරැස්ස, වැලිපිටිය, හක්මණ ප්‍රදේශවලට පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඉදිරි පැය...

ලාෆ් ගෑස් මිලත් ඉහළට

ලාෆ් ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක සිලින්ඩරය රුපියල් 150 කින් වැඩි වී...

කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට පොලිස් ආරක්ෂාව

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා ආරක්ෂාව යොදවා තිබෙනවා. දුම්රිය නියාමක සංගමය ආරම්භ කර තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන්...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...