28.2 C
Colombo
Saturday, April 27, 2024

සුරාබදු නිලධාරීන් පිරිසක් කොළඹ වන් ගෝල්ෆේස් හිදී යකා නටයි

- Advertisement -

බීමත් සුරාබදු නිලධාරීන් කණ්ඩායමක් කොළඹ වන් ගෝල්ෆේස් වෙළඳ සංකීර්ණයේ පිහිටි පීසා ආපන ශාලාවක සේවකයෙකුට ඊයේ (06) රාත්‍රියේ පහර දී තිබෙනවා.

පොලීසිය කියා සිටියේ පහරකෑමෙන් තුවාල ලැබූ අදාළ ආපන ශාලාවේ ප්‍රධාන කෝකියා හා සුරාබදු නිලධාරියෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි.

කොළඹ වන් ගෝල්ෆේස් වෙළෙඳ සංකීර්ණයේ 6 වැනි මහලෙහි පිහිටි පීසා ආපන ශාලාවක මෙම ගැටුම සිදුව තිබුණා.

එහි සේවය අවසන් කර ඉන් පිටව යාම සඳහා එක් සේවකයෙකු තම හෙල්මටය අසළ වූ මේසයක් මත තබා ඇති බව සඳහන්.

ඒ අතරතුර පැමිණි සුරාබදු නිලධාරීන් කණ්ඩායමක් අදාළ හෙල්මටය රැගෙන යාමට උත්සාහ කර නැවත වතාවක් එම ස්ථානයේ තබා යන අයුරු අසළ තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණා.

ඉන් පසුව ආපන ශාලාවේ කළමනාකාරවරයා සහ එහි ප්‍රධාන කෝකියා අදාළ නිලධාරීන් කණ්ඩායමක් සමඟ බහින් බස්වීමක් ඇතිවී තිබෙන බව වාර්තා වනවා.

ඒ අතරවාරයේ දී සුරාබදු නිලධාරීන් අවස්ථා කිහිපයකදී ප්‍රධාන කෝකියාට පහර දීමට උත්සාහ දරණ අයුරු CCTV කැමරාවක පටිගතව ඇති අතර එහිදී සුරාබදු නිලධාරීන් සමඟ ඇති වෙන පොර බැදීමේදී ඔවුන් අවස්ථා කිහිපයකදීම බිම වැටෙන අයුරුද එහි සටහන්ව තිබෙනවා.

අනතුරුව 15 දෙනෙකුගෙන් පමණ සමන්විත සුරාබදු නිලධාරීන් පිරිස එම ස්ථානයෙන් ගොස් නැවත පැමිණ එහි ප්‍රධාන කෝකියාට බිම දමාගෙන දරුණු ලෙස පහරදී ඇති බවයි වාර්තා වන්නේ.

පහරකෑමෙන් තුවාල ලැබූ ප්‍රධාන කෝකියා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සුරාබදු නිලධාරීන් දෙදෙනෙක් ද මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

පහරදීම සිදුකළ සුරාබදු නිලධාරීන් එම අවස්ථාවේදී අධික ලෙස බීමත්ව සිට ඇති බවයි පොලීසිය කියා සිටින්නේ.

RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...