29.4 C
Colombo
Friday, April 26, 2024

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයෙන් රුපියල් 108.43ක් ලාභයි – කංචන විජේසේකර

- Advertisement -

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන අලෙවි කිරීමේදී ලබන ලාභ අලාභ පිළිබඳව විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් යොදා තිබුණා.

එම සටහනට අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් සංස්ථාව රුපියල් 108.43ක ලාභයක් ලබන බවයි.

ඊට අමතරව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 6.29ක ලාභයක් ලබන බව එම සටහනේ සඳහන් වේ.

කෙසේ නමුත් ලංකා ඔටෝ ඩීසල් ලීටරයකින් සංස්ථාව ශත 30ක අලාභයක් ලබන අතර සුපිරි ඩීසල් ලීටරයකින් රුපියල් 10.30ක අලාභයක් ලබනු බව වාර්තා වනවා.

රජය මේ වන විට බදු ලෙස ඔක්ටෙන් 92 පෙට්‍රල් ලීටයකින්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින්, ලංකා ඔටෝ ඩීසල් ලීටරයකින් හා ලංකා සුපිරි ඩීසල් ලීටරයකින් පිළිවෙළින් රජය අය කරන බදු ප්‍රමාණය රුපියල් 80.46ක්, රුපියල් 102.9ක්, රුපියල් 59.5ක්, රුපියල් 87.2ක් අය කරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

මෛත්‍රීගේ පාස්කු මහමොළකරු කතාවට ටිරාන්ගෙන් උත්තර

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු හෙළි කර...

නව පත්කිරීම් කිහිපයකට අනුමැතිය

නව තානාපතිවරයෙක්, අමාත්‍යාංශ ලේකම්වරයෙක් සහ ආයතන සභාපතිවරයන් දෙදෙනෙක් පත් කිරීම සඳහා පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දී තිබෙනවා. ඒ අනුව...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...