28 C
Colombo
Sunday, May 5, 2024

මාස 4ට විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක්

- Advertisement -

2024 වසරේ ගතවූ කාලය මාස 4 ක කාලය තුළ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය වෙත ලැබී තිබෙනවා.

කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා සඳහා බඳවාගැනීම් සිදුකිරීම, වලංගු රැකියා ඇණවුමක් නොමැතිව විදේශ රැකියා ලබාදීම සඳහා මුදල් අයකිරීම, සංචාරක වීසා මගින් තැනැත්තන් විදේශ රැකියා සඳහා යොමුකිරීම ආදී පැමිණිලි කාර්යාංශය වෙත ලැබී තිබෙනවා.

මෙසේ කාර්යාංශය වෙත ලද පැමිණිලි අතුරින් පැමිණිලි 495ක් සඳහා විසඳුම් මෙම කාලසීමාව තුළදී ලබාදී ඇති අතර, පැමිණිලිකරුවන්ට රුපියල් 53,509,520ක මුදලක් යළි අයකරදීමටද විමර්ශන නිලධාරීන් සමත්වී තිබුණා.  

තවත් පැමිණිලි 680කට අධික ප්‍රමාණයක් සඳහා වංචාකරුවන්ට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමටද කාර්යාංශය පියවර ගෙන තිබෙනවා.

මෙම කාලය තුළ විදේශ රැකියා වංචාවන් සම්බන්ධයෙන් සැකකරුවන් 28 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති අතර, කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගිය හා වලංගු රැකියා ඇණවුමක් ලබානොගෙන විදේශ රැකියා සඳහා බඳවාගැනීම් සිදුකළ ආයතන 8ක්ද කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් වැටලීම් කර තිබුණා.

ශ්‍රි ලාංකිකයින් විදේශ රැකියා සඳහා යොමුවීමේ ප්‍රවණතාවයක් මේ දිනවල පවතින බවත්, ඒ හා සමගාමීව විදේශ රැකියා වංචාවන්ද ඉහළ ගොස් ඇති බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය විසින් විදේශ රැකියා ජාවාරම් සම්බන්ධ වැටලීම් පුළුල් කර ඇති අතර, ජනතාවගේ පහසුව සඳහා විමර්ශන අංශයේ රාජකාරි විමධ්‍යගත කිරීමටද පියවර ගනු ලැබුවා.

කාර්යාංශයේ බදුල්ල, තංගල්ල, මහනුවර, කුරුණෑගල හා රත්නපුර යන විගමණික සම්පත් මධ්‍යස්ථාන මගින් විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි විභාග කරනු ලබන අතර, සියළුම ප්‍රාදේශීය කාර්යාල මගින් විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි භාරගනු ලබනවා.

එසේම කාර්යාංශයේ පැය 24 පුරා ක්‍රියාත්මක තොරතුරු මධ්‍යස්ථානය 1989 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ ඇමතීම මගින් විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි සිදුකළ හැකි අතර, කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ දුරකථන අංකය වන 0112864118 ඇමතීම මගින් නීතිවිරෝධි විදේශ රැකියා ආයතන හා පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු ලබාදිය හැකියි.

RECENT ARTICLES - SINHALA

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...